නීතිඥ සංගමයේ සභාපති ඉවතට?
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස යූ.ආර්. ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යවස්ථාවට අනුකූල බවට පෞද්ගලික මතයක් ප්‍රකාශ කිරීම නිසා ඔහු එම ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව අනාවරණය වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස සංගමයෙන් කරුණු නොවිමසා පෞද්ගලික මත දැක්වීම එම සංගමයේ ව්‍යවස්ථාව සහ ආචාර ධර්ම වලට පටහැනි බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
අතිශය සංවේදී ජාතික වැදගත්කමක් සහිත දේශපාලන කරුණක් සම්බන්ධයෙන් සභාපති තනතුරේ සිටිමින් පෞද්ගලික මතයක් ප්‍රකාශ කළ නොහැකි බව බහුතර නීතිඥයන්ගේ අදහස වී ඇත.
එසේම නිලධාරි මණ්ඩලය බහුතරයකගේ මතය වන්නේ ද මෙයම බවද අනාවරණය වේ.
එම සංගමයේ විධායක සභාව රැස්වන ඊළඟ දිනයේදී මේ පිළිබඳව සාකච්ඡා කර බලා දැඩි පියවර ගැනීමට සලකා බලමින් සිටින බව ද මේ අතර වාර්තා වේ.
සිල්වා මහතා ජනාධිපතිවරයා ගේ ක්‍රියාව ව්‍යවස්ථාවට අනුකූල බව ප්‍රකාශකර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම යෝග්‍ය බවට කරුණු දක්වා තිබිණ.
( ලංකා)
0 comments :
Post a Comment