සිරිසේනගේ නව විශ්වාසභංග යෝජනාව තවත් ගැටයක් ද? : විචාරක මතය මෙන්න.
කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංගයට සහයදුන් පක්ෂ නායකයින්ට ඊයේ (14) ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ නෛතික ගැටළුවක් ඇති බැවින් එය සංශෝධනය විය යුතු බවත් එසේ නොමැතිව තමන්ට ඊට එකඟතාව පලකල නොහැකි බවය.
ඒ අනුව අදාළ සංශෝධන සහිතව අදාළ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සාමත කර පෙන්වන බව පක්ෂ නායකයන් එකඟව ඇති අතර ජනාධිපතිවරයාද ඊට එකඟතාව පළකර තිබෙනවා.
නමුත් දේශපාලන විචාරකයන් මෙන්ම නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවේ සඳහන් "ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන නීති විරෝධී" බව දැක්වෙන කොටස ඉවත් කරගෙන පාර්ලිමේන්තු බහුතරය පෙන්වන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇති බව පෙනෙන්නට ඇති බවයි.
අවධානමක්
එසේම දේශපාලන විචාරකයන් සහ නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් සඳහන් කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ සඳහන් "ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී" බව දැක්වෙන කොටස ඉවත්කර යෝජනාව සම්මත කරගැනීම අවධානම් සහගත කටයුත්තක් බවයි.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව
ඒ ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26 සිට නිකුත් කළ ගැසට් නිවේදන නීති විරෝධී නොවන බවට මෙහිදී පාර්ලිමේන්තුව පිළිගතහොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊට අදාළව පැවැත්වෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට බලපෑමක් වන නිසාය. ඔවුන් පෙන්වා දෙන ආකාරයට අදාළ කොටස ඉවත්කර යළි මහින්ද රාජපක්ෂ අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෝ බහුතරය සම්බන්ධ ජන්ද විමසීමක් හරහා ඔහුව පරාජය කළත් එය තේරුමක් නැති දෙයක් බවට පත්විය හැක.
මන්ද ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවීම ව්‍යවස්ථා විරෝධී නොවන බවට ඒ වන විටත් සහතිකයක් සංශෝධිත යෝජනාව හරහා පාර්ලිමේන්තුව පිළිගෙන තිබෙන නිසාය. ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පිළිගැනීම නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විට සාක්ෂියක් ලෙස මුලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රතික්ෂේප කල යුතු බවට ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාට යොදාගත හැකිය.
එසේ වුවහොත් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරවීමට අදාළ ගැසට් පත්‍රය බලාත්මක වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීමේ අවධානමක් පවතී. එවිට පාර්ලිමේන්තුව විසුරවීම පමණක් නොව මහ මැතිවරණයක් නිවේදනය කිරීමද බලාත්මක වෙයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය නොකිරීම බවද ඔවුන් අවධාරණය කර සිටියි.
විවාදය දින ගණනක්?
මේ අතර නව විශ්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා සැලකිය යුතු දින ගණනක් විවාද කිරීමෙන් පසු ඡන්ද විමසීමට ඒකාබද්ධ විපක්ෂය යෝජනා කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් එය තමන්ට නියමානුකූල ආකාරයෙන් පෙන්වා සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 14දා විශ්වාස භංගයක් ඉදිරිපත් කල පක්ෂ නායකයන්ට ඊයේ රාත්‍රී කල දැනුම්දීම අනුව මෙවැනි යෝජනාවක් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධය තීරණය කර තිබේ.
මහින්ද අගමැති ලෙස පිළිගැනීම : කතානායකගේ ස්ථාවරය ?
කෙසේවෙතත් මෙම තත්ත්වය මත විශ්වාස භංගය විධිමත් ක්‍රමවේදයට ඉදිරිපත් කිරීමට නම් මුලින්ම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා බව පිලිගැනීමට කතානායකවරයාට සිදුවේ.
එසේ පිළිගැනීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව ලෙස ද පිළිගැනීමට සිදුවන අතර සභා නායකවරයෙක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම විපක්ෂනායකවරයෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය වී ඇත.
කෙසේවුවද කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (15 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසු ඇමැති මණ්ඩලය විසිරී ඇති බවයි.
නව අගමැතිවරයකු සහ ඇමැති මණ්ඩලයක් පත්කරනතුරු කිසිදු මන්ත්‍රීවරයකු අගමැති, ඇමැතිවරයකු, රාජ්‍ය ඇමැතිවරයකු හෝ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසද, සභා නායක හෝ ආණ්ඩු පක්ෂයේ සංවිධායකයකු ලෙසද තමන් පිළිගන්නේ නැතැයි ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
0 comments :
Post a Comment