මහින්දට එරෙහි විශ්වාසභංගය දෙවැනි වතාවටත් ජයග්‍රහණය කළා - පාඨලී.

   
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී යළිත් වරක් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ නියමයට අනුව විශ්වාස භංගය සම්මතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ කතානායකවරයාට හා පක්ෂ නායකයින්ට දුන් උපදෙස් අනුව අද දිනයේ මහින්ද රාජපක්ෂ මහතා එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල යෝජනාව සම්මතවූ බව කතානායක වරයා   නිවේදනය කර සිටියි.


ජනතා විමුක්ති පෙරමුණේ මුලිකත්වයෙන් 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර යළිත් වරක් අද දිනයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට ඊයේ සවස දැනුම් දී තිබිණ.

කිසිම හේතුවකට පාර්ලිමේන්තුව කල් නොතබන බව ජනපති කියයි


මේ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය කිසිම හේතුවක් නිසා කල් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment