පාර්ලිමේන්තු කටයුතු දෙවැනි දිනයටත් ඇරඹේ : මහින්ද ප්‍රකාශය කරයි.


පාර්ලිමේන්තු කටයුතු දෙවැනි දිනයට ආරම්භ වී තිබේ.
   
මීට සුළු මොහොතකට පෙර මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශය ආරම්භ කළේය.

" ජනතාව දැඩි පීඩනයක සිටියේ. ජනපතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කරන්න. එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කටයුතු කළ සාක්ෂි සහිතව අහන්න ලැබුණා. ඊට පස්සේ තමයි ජනපතිවරයා තීන්දු කළේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් කරන ගැන්න. එවිට ජාතික ආණ්ඩුව විසුරුවා හැරුණා.

පස්සේ ජනපතිවරයාගේ ආරාධනාවක් ආවා. මම පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න තිබුණා. තව අවුරුද්දයි තිබුණේ. අපි තමයි ප්‍රධාන විපක්ෂ බලවේගය. කතානායක තුමා පිළිගත්තේ නැති වුණාට අපි තමයි ලොකුම දෙශපාලන පක්ෂය.

ජනපතිතුමාරගේ ආරාධානව බාර ගැනීමට අපට වගකීමක් තිබුණා. ඒජාප ආණ්ඩුව තව අවුරුද්දක් තිබුණානම් තව මොනවා වෙයිද? එපාප ආණ්ඩුව ඩොලර් බිලියන 21ක් විදේශ විනිමය ණය ලබාගෙන තිබුණා. මේ ණය තමයි රටට ලොකුම විනාශය.

අපි පිහිටෙව්වේ අන්තර්කාලීන ආණ්ඩවුක් පමණයි. අපි දිගින් දිගටම මහා මැතිවරණයක් ඉල්ලා සිටියා. පළාත් පාලන මැතිවරණය පවත්වන්න වසර තුනක් ගියා. අද වෙන කොට පළාත් සභා විසුරුවා තිබෙනවා. තවත් ඡන්දය නෑ. 

ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවේ බලතල අනුව ඡන්දයක් කැඳවුණාම එජාප ජවිපේ ඇතුළු පක්ෂ මැතිවරණයක් කැඳවීමට විරුද්ධ වුණා."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment