විශ්වාසභංගයට අත්සන් කළ පක්ෂ නායකයන් ජනපති හමුවෙයි : ජනපතිට දිවුරුම් ප්‍රකාශ.

  
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ නායකයින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.

විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රිවරු 122 දෙනාම ජනපතිවරයා හමුවීමට අවශ්‍ය  බව දන්වා තිබුණ බවත් 122 දෙනා නොව පක්ෂ නායකයින් පැමිණීම ප්‍රමාණවත් බව ජනපතිවරයා දැන්වූ බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනපතිට දිවුරුම් ප්‍රකාශ දීමට සැරසෙයි.
   
එසේම මන්ත්‍රීවරු බහුතරයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිවුරුම් ප්‍රකාශ ලබාදිමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

“අද ආවෙත් මහින්ද රජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුවට  85 දෙනයි. අපිට 122ක් තිබෙනවා. පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ නැති ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයක් දෙයිද.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම ගැනත් කියනවා. ඒ අයටත් විශ්වාසභංගයක් ගේන්න තිබුණා. ඒ අවස්ථාවේ නිහඩව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධූරය පිළිගත්තා.

ඔක්තෝබර් 25 දා තිබුණ මුදල් පනතත් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළා. අපි අයවැය ගෙනාවා අතුරු සම්මත ගිණුම් ගෙනවා. විශ්වාසභංගත් ගෙනාවා ඒ කිසිවක් පරාජය වුණේ නෑ.

26 දා අපි දැක්කා රාජ්‍ය ආයතනවලට වුණ දේ දැක්කා. අපි මැතිවරණවලට බය නෑ. ඒ මැතිවරණය යුක්ති සහගත ක්‍රියාවලියක් යටතේ සිදුවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තුවේදී ඉඩ දිය යුතුයි.

අපි අභියෝග කරනවා. අපේ බහුතරය අපි කීප අවස්ථාවකදීම පෙන්නුවා. හඩෙන් ඡන්දය අහන ඒක විහිලුවක් නෙමෙයි.

අපි ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා රට අනාථ කරන්නේ නැතිව වහාම බහුතර මතය පිළිගන්න. අපි එතුමාට දිවුරුම් ප්‍රකාශ භාර දෙන්න කටයුතු කරනවා. ඒ අනුව ඒතුමාට කටයුතු කරන්න වෙනවා.


ස්ථාවර නියෝග අවසන් කර කටයුතු කරන්න පුළුවන්. දිනේෂ් ගුණවර්ධන සභා නායක හෝ ඇමති කෙනෙක් නෙමෙයි. ඇමති මණ්ඩලයත්,මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිධූරයත් අහෝසියි. ”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment