"අනේ අපිට යන්න බෑ" - ඩිලාන් - S.B. - තිලංග ඇඹරෙයි!
අද සවස ජනාධිපතිවරයා සහ කතානයකවරයා, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ජාවේ ඇතිවූ එකඟතාවයන් නිල වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දීම සඳහා ඔහු හමුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඩිලාන් පෙරේරා සහ S.B. දිසානායක මහත්වරුන්ගෙන් කල ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. පසුව ජනාධිපතිවරයා විසින් තිලංග සුමතිපාල මහතාට එම කටයුත්ත පවරා ඇති අතර "අනේ මට බෑ ගුටි කන්න" යනුවෙන් පවසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
අද සවස පාර්ලිමේන්තුවේ පැවති සාකච්ජාවෙන් පසුව හෙට දිනයේදී කිසිදු බාධා කිරීමකින් තොරව පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා සිය පූර්ණ සහාය ලබා දෙන බවට පොරොන්දු වී ඇත. එසේම පාර්ලිමේන්තුව විසින් සිය ක්‍රියාකලාපය පිළිබඳ සදහන් නොකර මහින්ද රාජපක්ෂ මහතාට සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවක් නිසි ආකාරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එය පිළිගන්නා බවටද ජනාධිපතිවරයා කතානායකවරයාට ප්‍රකාශ කර ඇත.
සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කලේ හෙට දිනයේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනයකින් තොරව නව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
0 comments :
Post a Comment