චම්පික අමාත්‍යංශය පැමිණේ යැයි සැකයට මෙගා පොලිස් අමාත්‍යංශයට STF ආරක්ෂාව.


ජනාධිපති සිරිසේන විසින් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වෙත පොලිස් විශේෂ කාර්‍ය බලකා (STF) ආරක්ෂාව යොදවා ඇතැයි වාර්තා වේ. 

ඒ, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක එම අමාත්‍යංශය වෙත පැමිණෙනු ඇතැයි යන සැකය හේතුවෙනි.

පසුගිය දා (02) මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක තම අමාත්‍යංශය වෙත යාම හේතුවෙන් පෙර සුදානම් ලෙස මෙසේ ආරක්ශාව සපයා ඇති බවට වාර්තා වේ.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වන්නේ දිනේශ් ගුණවර්ධන මහතා විසිනි.

මේ අතර ඊයේ (14) ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා සිය අමාත්‍යංශයට ගොස් රාජකාරි කටයුතු ආරම්භ කළ බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ  වනජීවී අමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේන හමුවේ දිවුරුම් දුන් වසන්ත සේනානායක නැවත එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවූ අතර ඒ අනුව එම අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

එසේම කුමන්ත්‍රණ ආණ්ඩුවේ  ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා වනුයේ එස්.බී. නාවින්න වන අතර සරත් ෆොන්සේකා අමාත්‍යවරයා අමාත්‍යංශයට පැමිණීමත් සමඟ ඔහු ඒ වෙත නොගොස් සිටීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු නිල අමාත්‍යවරුන්ද අමාත්‍යංශ වල වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානමක් ඇති බවද වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment