දින 52 ක මහින්ද පාලන සමයේ ණය බර කෝටි 20,000 ක්.


රාජපක්ෂ ආණ්ඩු සමයේ ගෙවීගිය දින 52 ක කාලය තුළදී ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන ආයතන වල ණය ප්‍රමාණය දළ වශයෙන් රුපියල් කෝටි විසි දාහක් පමණ වී ඇති බව වාර්තා වේ.

ලංකා පුවත්පත කියා සිටින්නේ ආර්ථික විශ්ලේෂකයන් මෙම අනතුරු ඇඟවීම සිදුකර, මේවන විට රාජ්‍ය ව්‍යසාය කෙරෙහි සිදු වූ බලපෑම විශ්ලේෂණය කරමින් සිටින බවයි.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් කිහිප දෙනකු කර තිබෙන සමීක්ෂණයක ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් කිරීමට සූදානම් වී සිටින බව ද එම පුවත්පත කියා සිටී.

එම කුමන්ත්‍රණකාරී පාලනය නිසා ආර්ථිකයේ ප්‍රධාන අංශවලට දළ වශයෙන් රුපියල් කෝටි අසූ හතරක පමණ බිඳවැටීමක් සිදුව ඇති බවද පැවසේ.

ඉහත රාජ්‍ය ආයතන කෙරෙහි අවධානය යොමු කරන එම සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ ණය පොලී වශයෙන් එම ආයතන වසරකට රුපියල් කෝටි 11,000ක් පමණ ගෙවන බවයි.

රාජ්‍ය භාණ්ඩාගාරය මහජන මුදල් රුපියල් කෝටි 2,000 ක් පමණ යොදවා මේ ආයතන නඩත්තු කරන බවද ඔහු පෙන්වා දෙයි.

2017 වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 2,980 ක් සහ විදුලිබල මණ්ඩලය කෝටි 5,000කට ආසන්න පාඩුවක් ලබා තිබේ.

ඊට අමතරව, විදුලිබල මණ්ඩලය එම වසර අවසානයේදී රුපියල් කෝටි 23,000, ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 38,600 ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම රු.31,700 වශයෙන් අති විශාල ණය බරක් දරා සිටී. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment