අතුරු සම්මත ගිණුම වැඩි ඡන්ද 96කින් සම්මතයි.
ලබන වසරේ පළමු මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 96කින් සම්මත විය.
ඒ සඳහා වූ චන්ද විමසීමේ දී, පක්ෂව චන්ද 102 ක් හිමි වූ අතර, ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව චන්දය භාවිත කළේය. විරුද්ධව හිමි වූ චන්ද සංඛ්‍යාව 6 කි.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය චන්දය දීමෙන් වැලකී සිටියේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද ඉදිරිපත් කළ ගිණුමේ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වැය කිරීමට යෝජනා කර තිබිණ.
ඉන් රුපියල් බිලියන 970ක් වෙන් වන්නේ, ණය පොළී සහ වාරික ගෙවීම සඳහාය.

0 comments :
Post a Comment