එජාපයේ ලේක්හවුස් නාඩගමෙන් ඔබ්බට : කියවිය යුතුම සටහනක්!


මා විටින් විට අරලියගහ මන්දිරය පැත්තෙන් විජයරාමයට යන සෑම විටකම පාහේ හර්ෂණී සඳරුවනි නොහොත් ලේක්හවුස් නාඩගමේ ප්‍රධාන විත්තිකාරිය බොහෝ යුහුසුළුව අරලියගහ මන්දිරයේ සේනා සංවිධානය කරනු දුටිමි.

ඒ අර්ථයෙන් ඇය විසින් පහුගිය දිනවල එජාපය වෙනුවෙන් කල කැප කිරීම එජාප පාක්ෂිකයින්ගේ ප්‍රසංශාවට ලක්විය යුතුය. දැන් ඇයට විවදාකාර BDSM ඉරියව් වලින් සංසර්ගය කල යුතු බවට පවසන UNP මල්ලිලාම පසුගිය සමයේ ඊයේ ප්‍රතිපලය ඇයට අත්කර දීමට ලයික් හාට් සහ කමෙන්ට් නොමසුරුව ලබාදුන් විශිෂ්ඨ ගණයේ ප්‍රජාතන්ත්‍රවාදීන් වේ.

නමුත් ඇය සිය දේශපාලන ජීවිතයේ අපහසුවෙන් දොවාගත් කිරි කලයට ගොම තලියක් හලාගත් බැවින් මේ මොහොතේ මගේ දැනුමෙන් ඇයට යම් උපදේශයන් කිහිපයක් ලබා දෙමි.

1. ඊයේ ලද ජයග්‍රහණය එජාපයේ ජයග්‍රහණයක් නොව මෙරට නීතිය අනුව ජනතාව ලැබූ ජයග්‍රහණයක් පමණි. (ඒ පිළිබඳව මේ වනවිටත් සැදැහැවත් ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් පැහැදිලි කර දී ඇති බැවින් කතා කර පලක් නැත.)

2. ඔබ ඔබේ තරම දැනගත යුතුය. (ඉතාම වැදගත්)

එජාපය ආණ්ඩු කල වසර 3 1/2 පුරාම "සමහරක්" කැබිනට් ඇමතිවරුන්ට පවා තහනම් වූ අරලියගහ මන්දිරයේ කලාපයන් වෙතත්, එතෙක් මහේෂාක්‍ය ලීලාවෙන් වැජබුනු එජාප නායකයින් වෙතත් පහසු ප්‍රවේශයක් ඔබට හිමිවූයේ ඔක්තෝම්බර් 26 වෙනිදාය.

ඒ පහසු ප්‍රවේශයෙන් ඔබ ඇතුලු කණ්ඩායම කෙතරම් අමන්දානන්දයට පත්වූයේද කියන්නේ නම් දැන් ඔබ සිතන්නේ අරලියගහ මන්දිරය සිය නිවස බවත් එහි වූ නායකකාරකාදීන් දැන් ඔබේ ගජ මිතුරන් බවත්‍ ය.

අපේ හිතවත් ප්‍රභාත් නිරෝෂණ බණ්ඩාර අයියා (ඔහු ඉතා හොද මිනිසෙකි.) විසින් ඊයේ "සිරිසේන වරෙන් සිරිකොතට. සිකුරිටි එකෙන් ඇතුලට ගත්තේ නැත්නම් මට කෝල් එකක් දීපං" යනුවෙන් දැමූ ස්ටේටසය පවා පෙන්නුම් කරන්නේ ඔබලා අවේලාවේ අහේතුකව ලද ඒ බලයෙන් උද්දාමයට පත්ව සිටින ප්‍රමාණයේ ස්වභාවයයි.

මින් ඉදිරියට රාජ්‍ය බලයේ කේන්ද්‍රය ඔබලා බවත් ඉදිරි දේශපාලන් දී එජාප නායකයින් ඔබේ මතයට අනුව ක්‍රියාකරනු ඇති බවත් යන මතුපිට විශ්වාසයත්, ඒ නිසා දැන් තමුන් මහ කෙරුමන් බවට පත්ව ඇති බවට වන හද පතුලේ හට ගෙන ඇති මාන්නයත් විසින් ඔබව මෙහෙයවමින් සිටී.

නමුත් එය එසේ නොවන වගත්, ඔවුන් ඔබ සමඟ සමීපව සිට සෙල්ෆි ගැසීමට සහ පෙළපාලි යාමට සූදානම් වුවදඔබ සමඟ එක්ව රාජ්‍ය පාලනය කිරීමට සූදානම් නොමැති බව "නිසි අයුරින් රනිල් හෝ වෙනත් අයෙකු බලය සිය අතට ගත් මොහොතට" විනාඩි කිහිපයකට පසුව ඔබට වැටහී යනු ඇත.

පෙර සිටි ලස්සන සමනළ සමාජය විසින් ඔබව යටපත් කරමින් කතා කරන පළමු මොහොත ඔබට ඉතා වේදනාකාරී වනු ඇත.

ස්තූති කතාවකින් පසුව පළමුව ඔබව අර මහා ශාලාවේත් දෙවනුව එළියටත් ගාල් වන මොහොතේදී ඔබට යථා ස්වභාවය වැටහෙන ඇති අතර එවිට ඔබ කෙලින ලද පිස්සු වලට දඩුවම් දීම සදහා කාකි සූට් කරුවන් සූදානම්ව සිටින බවද පෙනී යනු ඇත.

බලය ගැනීමට දායක වන සියලු පිරිස සමඟ බලය අත්විදින දේශපාලන කලාපයක් මේ ලෝකයේ නැත. එය මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ පමණක් නොව පාඨලී චම්පික රණවක ඇතුලු සියලූම දේශපාලකයින්ගේ ස්වභාවයයි.

වඩාත් යහපත් මාර්ගය වන්නේ ඔබ විසින් දොවා ගන්නා කිරිකලය ඔබ විසින් රැක ගැනීමත් තමා උපමාවට ගෙන "තමා බලයේ පිහිටන තුරු සහ වැඩේ සාක්ෂි රහිතව අවසන් කල හැකි වන තෙක්" අනුන්ට හිංසා නොකර සිටීමත් ය.

අරයා අපි එක්කමයි ඉන්නේ. එයාගෙ බලයෙන් අපිට ඕන දෙයක් කරන්න පුලුවන්, එයා අතනට ගියොත් අපි තමයි පොරවල් යන මානසිකත්වය විසින් බිහිකරනුයේ මාන්නාධික මානසික රෝගීන් මිස දක්ෂ දේශපාලන උපායමාර්ගික සැලසුම්කරුවන් නොවේ.

ඒ බලයෙන් උද්දාමයට පත්ව රාජ්‍ය ආයතනවල චන්ඩිකම් පාන්නට යාමෙන් ඔබ විනාශ කරගන්නේ ඔබවමය. කිසිවෙකු ඔබට ඒ වන්දිය නොගෙවනු ඇත.

එය හර්ෂණී ඇතුලු සියලු දෙනා අවබෝධ කරගත යුතු සත්‍යයයි.

[සටහන - ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment