රනිල් දිවුරුම් දෙයි : කැබිනට් මණ්ඩලය හෙට.


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදි නව අගමැති ලෙස දිවුරුම් දුන්නේය. 

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවිය.‌ ‌මෙරව ඔහු අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේ පස්වැනි අවස්ථාවටය. 

එමෙන්ම, තිස් දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලය සඳුදා (17) දිනයේ දිවුරුම් දීමට නියමිතය.

මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යයට අවස්ථාවක් ලබාදී නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතා සමග මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට පමණක් මෙම අවස්ථාවට සහභාගිවීමට අවස්ථාව දී ඇත.


අගමැතිධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදි විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත බවත් වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment