අවම ගාස්තුව 10ට බස්සන හැටි ගැමුණු කියයි.

බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කරන්නේ නම් අවම බස් ගාස්තුව රුපියල් 12 සිට රුපියල් 10 දක්වා අඩු කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති  ගැමුණු විජේරත්න මහතා ඊයේ (08දා) පැවසීය.

 මේ වනවිට බස් ගාස්තුව සියයට 4කින් නොව සියයට හතරයි දශම දෙකයි හතකින් (4.27%) අඩුකර තිබෙන බව කී විජේරත්න මහතා බස් ගාස්තුව අඩු නොකර එහි වාසිය ගන්නේ බස් හිමියන් නොව බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් බවද කීය. 

 ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය මගින් නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍ර ශාලාවේ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී විජේරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

 ඩීසල් මිල රුපියල් 20කින් අඩු වුණාම මුල් අවස්ථාවේ සියයට දෙකකින්ද දෙවැනි අවස්ථාවේ සියයට හතරයි දශම දෙකයි හතකින් (4.27%) බස් ගාස්තුව අඩු කළා. නමුත් බස් ගාස්තුව අඩු නොවුණේ බලධාරීන් විසින් බස් ගාස්තුව අඩුවීමට අදාළ චක්‍රලේඛය බස් රථවල ප්‍රදර්ශනයට වේලා සටහන්කරුවන් මගින් බස් රථවල ඇලවීමට ලබානොදීම නිසායි. බස් ගාස්තුව අඩුවීම සම්බන්ධයෙන් මට දැනුම් දීලා තියෙනවා. නමුත් මට නොවෙයි වේලා සටහන්කරුවන් හරහා බස් රථවල ඇලවීමටයි මෙය දිය යුත්තේ. මේ දෙය සිදුව නැති නිසා බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මගීන්ගෙන් පරණ මිලම අය කරනවා.

 බස් රථවල රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් සියයට 90 ක් විතර සුපිරි නැහැ. මේ අය මගීන්ගෙන් වැඩිපුර අය කරන මුදල බස් හිමියන්ට ලබාදෙන්නේ නැහැ. මේක තමයි යථාර්ථය. මගීන්ද බස් රථවලින් ටිකට් පතක් ඉල්ලන්නෙ නැහැ. මගීන්ට ටිකට් පතක් ඉල්ලීමේ නීතිමය අයිතියන් තියෙනවා. ටිකට් පතක් ලබා දෙන්නේ නැත්නම් ගමනාගමන කොමිසමට, පළාත් ප්‍රවාහන අමාත්‍යාංශයට හෝ පොලීසියට පැමිණිලි කරන්න පුළුවන්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment