පොඩි වැස්සටත් යටවෙන කොළඹට විසඳුමක් : චම්පිකගෙන් උමං මාර්ග 2ක්.
මාදිවෙල ඇළ ආශ‍්‍රිත වර්ග කි.මී 21 ක වපසරියකට අයත්වන තලංගම, ඇවරිහේන සහ මාලඹේ නැගෙනහිර ප‍්‍රදේශය ගංවතුරින් මුදවා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙස සැළකෙන අඹතලේ වැසි ජල පොම්පාගාරයේ ඉදිකිරීම් කටයුතු මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මාදිවෙල නැගෙනහිර ජල හැරවුම් ඇල මාර්ගය තලංගම ප‍්‍රදේශයෙන් ආරම්භ වී, මාලඹේ හා කඩුවෙල හරහා පැමිණ අඹතලේදී කැළණි ගඟට විවෘත වේ. වැසි සමයේදී මෙම ඇල මාර්ගය පිටාර ගලන අතර ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ගංවතුර ඇති වීමට මෙම පිටාර ගැලීම බලපායි.
එමෙන්ම කැළණි ගෙඟ් වතුර මට්ටම පහළ යන අවස්ථාවේ දී, දැනට අඹතලේ සාදා ඇති ජල පාලන දොරටු වලින්, මෙම පහත් බිම්හි රැඳී ඇති ජලය ගලා ගිය ද, ගෙඟ් වතුර වැඩිවන අවස්ථාවන්හි දී මෙම දොරටු වලින් ජලය මුදා හැරීමට නොහැකි වන බැවින්, එම ප‍්‍රදේශයේ ඇති වගුරු බිම් වල රැඳී ඇති වැසි ජලය ඉවත් කිරීමට නොහැකි වන නිසා මෙම ප‍්‍රදේශ වසාගෙන ඉතා දිගු කලක් ජලය රැඳී තිබීමෙන් එම ප‍්‍රදේශ වාසීන්ට මහත් පීඩාවලට මුහුණ දීමට සිදු වේ.
මේ හේතුවෙන් ප‍්‍රදේශය තුළ එක් රැස්වන ජලය ගඟට පොම්ප කිරීම සඳහා පොම්පාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබීය. පොම්පාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2,870 ක් පමණ ආයෝජනය කිරීමට නියමිතය. එහි ඉදිකිරීම් කාලය මාස 21 කි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපිට පෙනෙනවා මේ කලාපයේ අපට තිබෙන ප‍්‍රධානම ගැටළුම මේ ජලය කළමනාකරණය. නමුත් අපේ රටේ හොඳ වාරිමාර්ග ඉතිහාසයක් තිබෙනවා අපේ රජවරු අවුරුදු දහස් ගණනක සිට එම කටයුත්ත සිදුකර තිබෙනවා”.
“ඒ වගේම මේ භූමිය ඓතිහාසික භූමියක්. ඒ වගේම මේ ප‍්‍රදේශයේ දියුණුවට තිබෙන එක බාධාව ගංවතුර. ඒ වගේම මේ ගෝලීය උණුසුම ඉහළ යාමෙන් මේ මුළු ලෝකයම බැටකන අවධියක්. විශේෂයෙන්ම ලංකාවේ ප‍්‍රදේශ ගණනාවක් අර්ධ කාන්තාර බවට පත් වෙමින් තිබෙනවා. තව ප‍්‍රදේශ ගණනාවක් අධික ජල ගැටලු මත පීඩාවට පත්වෙමින් තිබෙනවා. මේ කඩුවෙල කොලොන්නාව මේ ප‍්‍රදේශයේ ජල ප‍්‍රශ්නය මත පීඩාවට පත් වූ ප‍්‍රදේශයක්. ඒකෙන් ගලවා ගැනීම සඳහා කෙරෙන විශාල ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුනා ගන්න පුළුවන්”.
“මීට පෙර අපි නාගලන් වීදියේ මෙවැනිම ව්‍යාපෘතියක් ආරම්භ කළා කොළඹ නගරය ගලවා ගැනීම. ඉදිරියේදී අපි උමං මාර්ග දෙකක් ඉදිකරනවා කොළඹ නගරයේ ජල ගැලීම් පාලනය කරන්න. ඒ වගේම තවත් පොම්පාගාරයක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොලොන්නාව ප‍්‍රදේශයෙත් ගේට්ටු පද්ධතියක් සහ පොම්පාගාරයක් ඉදිකරන්නත්, තැන තැන තිබෙන කුඩා කුඩා ජල සිරවීම් ගලවාගෙන විශේෂ පාලම් පද්ධති ඉඩම් සංවර්ධන සංස්ථාව සිදු කරගෙන යනවා යැයි පැවසීය”.
0 comments :
Post a Comment