අගමැති පියවරක් පසුබසි: ජාතික ආණ්ඩු යෝජනාව කල් දමයි.


ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. ඒ, එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත්‍රීයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවය.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් ජාතික ආණ්ඩු යෝජනාවට විරෝධය පළ කිරීම මෙම තීරණයට හේතු වී තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී සාකච්ඡා කර එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ.

අමාත්‍ය ධුර වැඩි කර ගැනීම නොව ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර බාධාවකින් තොරව කටයුතු කිරීම වැදගත් බව එම පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ අද දිනයේදීය.

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව අද (07 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ස්ථාවර නියෝග අත්හිටුවා ජාතික ආණ්ඩුව පිළිබඳව විවාදය අද (07 දා) දිනයේම පවත්වා සවස ඡන්ද විමසීමක් සිදුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී ඊයේ (06) තීරණය කර තිබිණ.

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කීරීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡුා කළ අවස්ථාවේදී විපක්ෂයේ සියලූම පක්ෂ විරෝධතාවයන් දක්වා ඇති බවද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment