පෝසත් බබාලා වේලාසනින්ම පුරුදු වෙන්න ඕනේ ආදායම් බදු ගෙවන්න: මංගල.


ළමා ඉතුරුම් ගිණුම්වල පොළිය සඳහා බදු අයකිරීම් අදාළ වන්නේ මාසික පොළිය රු. 5,000 ක් හෝ ඊට වැඩිනම් පමණක් බවත් එසේ පොළියක් ලැබීමට නම් අවම වශයෙන් එවැනි ගිණුමක රු. ලක්ෂ 12 ක තැන්පතු මුදලක් තිබිය යුතු බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (13) පැවති මාධ්‍ය හමුවක දී මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර‍, එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ “පෝසත් බබාලා“ වේලාසනින්ම ආදායම් බදු ගෙවීමට පුරුදු විය යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා,

“තමන්ගේ දරුවාගේ ගිණුමට පොළිය හැටියට රු. 5,000 ක් හෝ 5,000ට වැඩියෙන් ලැබෙනවා නම් තමයි මේ පොළිය අයකරන්නේ 5%ක්.“

“නමුත් රු. 5,000 ක මාසික පොළියක් ලැබෙන්න නම්, ඒ පුංචි බාබාට අවම වශයෙන් රු. ලක්ෂ 12 ක් තියෙන්න ඕනේ බැංකු පොතේ. මම හිතන්නේ ලක්ෂ 12 ක් බැංකු පොතේ තියෙනවා නම් ඒ 5,000 න් 5% ක් ගන්න එක වරදක් නැහැ.“

“මොකද පෝසත් බබාලා වේලාසනින්ම පුරුදු වෙන්න ඕනේ ආදායම් බදු ගෙවන්න.“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment