ගෝඨාවාදීන් වියරුවෙන් : මහින්දටත් තර්ජනය කරයි [Video]
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඇතැමුන් උත්සහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීම වැලැක්වීම සඳහා බවට ගෝඨාවාදීන් දැඩි ලෙස චෝදනා කරති.
එසේ චෝදනා කරන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, අද මුළු රටම ඉල්ලන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා බවත් කවුරු විශ්වාස නොකලත් මෙරට මහජනතාව එය විශ්වාස කරන බවත් කියා සිටියි.
එම විශ්වාසයට පිටින් යන්න කිසිවෙකු හෝ සිතන්නේ නම් ඒ මෙම කඳවුර පැරැද්දවීමට කරන පාවාදීමක් යයිද මන්ත්‍රීවරයා පවසයි.
ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවීමට විරුද්දව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙන ඒමට සූදානම් වන යෝජනාවට තම කදවුරේ කිසිවෙකු හෝ පක්‍ෂ වීමට සූදානම් වන්නේ නම් පොහොට්ටු කදවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.
තම පක්‍ෂය පොහොට්ටුව අතහැර තනියන් තරග වදින්නට සූදානම් බවත් නමුත් ඒ තම කදවුරේ සිටින සතුරාට උවමනා වෙලාවට නොව තමන් තීරණය කරන මොහොතක යයිද ජානිපෙ නායකයා සදහන් කළේය.
ඔහු මෙම කාරනා සඳහන් කලේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ජනතා විමුක්ති පෙරමුණ අතර ලබන හය වෙනිදා පැවැත්වීමට නියමිත නිල සාකච්ඡාව හා බැසිල් රාජපක්ෂ මහතාගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ නිල සාකච්ඡාව ලබන හය වැනිදා සවස 4.00 ට විපක්‍ෂ නායක කාර්යාලයේදී සිදු කෙරෙන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
එම සාකච්ඡාව සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත්, කේ. ඩී. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්‌ස යන පස්‌දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක් එක්‌වීමට නියමිතය.
0 comments :
Post a Comment