"වාකරේ - කුන්ජම්කුලමේ මුහුදු ආදී වාසීන්" [Photos]

ලාංකීය ජන සමාජය තුළ බහුලව කතා බහට ලක් නොවන නමුත් අප රටේ ඉතිහාසය හා සංස්කෘතිය හා බැදි ජන වර්ගයක් ලෙස ආදී වාසි පරපුර හැදින්විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් මුල් කරගෙන ඇතිකරගත් ජනාවාස භුමි කිහිපයක ජිවත්වන ආදී වාසීන් ජන වර්ග (වරිග) කිහිපයක් අදටත් දක්නට ඇත. 

මේ අතරින් ශ්‍රී ලංකාවේ වර්තමාන ආදී වාසී නායකයන් වන ඌරැවරිගේ වන්නිලා ඇත්තෝ නායකත්වය දරන මහියංගනය - දබාන ආදිවාසී පරපුර සහ එහි අතුරු ජනාවාස කිහිපයක් වන අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ (කෝරලේපත්තු උතුර) ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කුන්ජම්කුලම් ප්‍රදේශයේ ජිවත්වන ආදී වාසී පරපුරක් සමග දොඩමලු වීමට අපට හැකිවිණ. ඔවුන් සමග කතා කිරීමේදී මෙම ප්‍රජාවේ බහුතරය මුහුද ආශ්‍රිත ධීවර කර්මාන්තයේ යෙදෙන බැවින් " මුහුදු ආදී වාසින් " ලෙසද හදුන්වන බව පවසා සිටියේය.

මඩකලපුව - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ සිට වනපෙතක් මැදින් කිලෝමීටර 8ක් පමණ ඇතුලට පැමිණ විට හමුවන කුන්ජම්කුලමේ, 57 වියැති අම්බලවරගේ නල්ලතම්බි වේලායුධන් නායක තුමා වර්තමානයෙහි මෙම මුහුදු ආදී වාසී කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර මෙම වරිගයට පවුල් 70කට අයත් 200කට ආසන්න පිරිසක් ඇතුලත්වන බව ඔහු පවසා සිටියේය. 

මේ පිරිස අතරින් බහුතරය ධිවර කර්මාන්තයේ යෙදෙන අතර කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, මී කැඩීම වැනි ජීවනෝපායන්හි ද නියැලේ.

වර්තමානයෙහි දමිළ භාෂාව හාවිතා කරන මොවුන් ජීවත්වීම සදහා සිදුකරන්නා වූ අරගලය අප කතා බහට ලක් කල යුතුවම ඇත. වසරෙහි වැඩි කාලයක් නියගයෙන් බැටකන මොවුන් උග්‍ර ජල ප්‍රශ්නයකට මේ වනවිට මුහුණ දී සිටින අතර  නිසියාකාර ප්‍රවාහන පහසුකමක් නොමැතිකම, වන අලි ප්‍රශ්නය, අධ්‍යාපන අවශ්‍යතා වැනි නොවිසඳුණු මූලික ගැටළු බවට පත්ව ඇත. මිට අමතරව රැකියා නොමැතිකම, අපිරිසිදු පානීය ජලය නිසා ඇතිවී ඇති රෝග, වැන්දබුවන් පිරිසෙහි වර්ධනය වැනි ගටලුවලින්ද පීඩා විදිති.

මෙවැනි තත්වයක සිටින මොවුන් වර්තමානයේ තමන් විදින්නා වූ මේ දුක් කම්කටොලු අනාගත තම වරිගයේ දරු පරම්පරාට උරුම නොවීමට කවුරුන් හෝ මැදිහත් වී කිසියම් හරවත් වැඩපිළිවෙක් ඉටුකරයි යන බලාපොරොත්තු දල්වා සිටින අතර කුන්ජම්කුලමේ ආදී වාසීන් කුන්ජම්කුලමට පැමිණ ඔවුන් සමග මුසුව මේ අත්දැකීම විද ගැනීමට, ඔවුනගේ සංස්කෘතිය දැක බලා ගැනීමට අප හරහා සමස්ත ලාංකික ප්‍රජාවට අහිංසක ආරාධනාවක් එකතුකරන ලදී.

විශේෂ ස්තුතිය: ශ්‍රී ලංකා යුධ හමුදා 233 වැනි රෙජිමේන්තුවේ කර්නල් ආර්. ඇල්විටිගල මහතා ඇතුළු හමුදා නිලධාරීන් හට ...

[පිංතුර සහ සටහන: ආසිරි උපේන්ද්‍ර ඩයස්]



















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment