සිවිල් පිට ආව පොලිසියේ 5කට ඉස්පිරිතාලේ නතරවෙන්නම ගමේ කොල්ලොන්ගෙන් ගුටි පූජාවක් - වීඩියෝ



‘‘වෙඩි 2ක් උඩට තියලා, අනිත් එක ඔළුවට කරලා තියනකොට මංජුල බිම දිගාවුණා‘‘

කුරුණෑගල - ගොකරැල්ල කඳුලව ප්‍රදේශයේදී පොලීසිය සහ තරුණයින් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ දෙපාර්ශ්වය අතර සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු මෙම ගැටුම හටගෙන ඇති බවයි.

මාර්ගය ආසන්නයේ සිටි නාදුනන පිරිසක් පිළිබදව විමසීම සදහා ප්‍රදේශයේ තරුණයන් පිරිසක් ගිය අවස්ථා‍වේදී මෙම ගැටුම හටගෙන ඇතතේ රාත්‍රී 7.30 ට පමණ. නාදුනන පිරිස  තමන් පොලිස් නිලධාරීන් බව ප්‍රකාශ කළ බවත් සිවිල් ඇදුමින් සැරසී සිටි ඔවුන් කිසිදු හැදුනුම්පතක් නොපෙන්වූ බවත් තරුණයින් පවසනවා.

කෙසේ වෙතත්, පොලීසිය සදහන් කළේ එම පිරිස කුරුණෑගල විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් බවයි.ඔවුන් තමන්ට පහරදෙමින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවද තරුණයන් චෝදනා කළා.

පහරකෑමට ලක් වූ තරුණයින්

- වෙඩි 3 ක් 4 ක් විතර තිබ්බා. 2 ක් උඩට තිබ්බා. අනිත් එක මංජුල කියල අයියා කෙනෙක් ඉන්නවා. මුහුණට කරලා තිබ්බා. තියද්දී ඒ මනුස්සයා එහෙමම බුදියගත්තා පාරේ.
දත් දෙකක් කැඩිලා තියෙන්නේ. නහයෙන් කටෙන් ඔක්කොම ලේ ආවා. ඒ ගොල්ලෝ කිව්වා. අපි පොලිසියෙන් මෙහෙමයි කියලා. ඒ ගොල්ලෝ සිවිල් පිට හිටියේ.

සිද්ධියෙන් තරුණයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගැණුනු අතර පොලිස් නිළධාරීන් පස් දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය සදහන් කළේ අදාළ තරුණයින්ට පහර නොදුන් බවයි.  සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළා.



(under the courtesy of hirunews news web


)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget