අධිවේගයේ බස් රථ තුනකට ගල් ප්‍රහාර



දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථ 3කට කිසියම් පිරිසක් විසින් ඊයේ ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකකට සහ පෞද්ගලික බස් රථයකටයි මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

මෙලෙස ගල් ප්‍රහාර එල්ල වී ඇත්තේ කොට්ටාවේ සිට මාතර දක්වා ධාවනය වෙමින් පැවැති බස් රථ 3කටයි.

මිල්ලනිය ප්‍රදේශයේදීම මෙම ගල් ප්‍රහාරය එල්ලවීම විශේෂත්වයක්.

මිල්ලනිය - 209 - එල් නමැති ස්ථානයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එහි මාර්ගයට ඉහළින් පාලමක් ද දක්නට ලැබෙනවා.

කිසිවෙකු මෙම පාලම මත සිට ගල් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ගල් ප්‍රහාරයට ලක්වූ එක් බස් රථයක් විදේශිකයන් ප්‍රවාහනය කරන බස් රථයක් බව සදහන්.

කෙසේ නමුත් එහි විදේශිකයන් නොසිටි බවයි පොලීසිය සදහන් කළේ.

ගල් ප්‍රහාරවලින් බස් රථවල පැති වීදුරුවලට හානි සිදුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත්, සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

(under the courtesy of hirunews news we
b
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget
Shares
FacebookXPinterestEmailSumoMe