
ඊයේ රාත්‍රී 7.20 ට පමණ හලාවත -ආරියගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කරමින් සිටි අයේෂ් අලහකෝන් (අවු:26) නම්වූ නිලධාරියෙකි.ඔහු මහනුවර - වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම අනතුරින් තුවාල ලබා ඇති පොලිස් කොස්තාපල් 63370 රණසිංහ නම් නිලධාරියාද බරපතළ තත්ත්වයෙන් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
හලාවත පොලීසියේ සේවය කරන නිලධාරීන් තිදෙනෙකු යතුරු පැදි දෙකකින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර අලවි කරන ස්ථානයක් වැටලීම සඳහා යමින් සිටින විට මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
මියගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා පදවමින් සිටි යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
හලාවත පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment