විමල් ඉල්ලූ ප්‍රසිද්ධ විවාදයට සජිත් කැමතිවූ පසුව විමල්ගෙන් කොන්දේසි

සුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට මන්ත්‍රී විමල් වීරවංශ  විසින් ඇමති සජිත් ප්‍රේමදාස වෙත කරන ලද අභියෝගයට කැමති බව දක්වමින් ඇමති සජිත් ප්‍රතිචාර දක්වා තිබෙන නමුත්
විමල් වීරවංශ දැන් එයට අලුත් කොන්දේසියක් පනවා වෙනස් කරන්නට උත්සාහයක නිරතවී තිබේ.

සජිත් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කෘතඥතාව පළ කරමින් විමල් ලිපියක් ලියා  සඳහන් කරන්නේ පසුගියදා ත්‍රිකුණාමලයේ පැවැති උත්සව සභාවක් අමතමින් සජිත් ප්‍රකාශ කළේ අභියෝගය භාර ගන්නා

බවත් ඒ සඳහා ඔහු විසින් ඉදි  කළ ‘උදා ගම්මානයක්’ වෙත පැමිණෙන ලෙසත් යයි සඳහන් කර ඇති අතර විමල් පිළිගත හැක්කක් නොවේ යයි පවසා ඇත.
නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදි කරනු ලබන එවන් ‘උදා ගම්මානයක’ රාත්‍රී 10 සිට 12 තෙක් ‘ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්’ ද සමඟ එවන් විවාදයක් පැවැත්වීම යන්න ප්‍රායෝගික නොවන බව කාටත් වැටහෙන්නකි... යනුවෙන් විමල් සිය ලිපියේ දන්වා ඇත.
එබැවින් ඔහු ඉහත අභියෝගය සිදු කළ අන්දමට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක පිරිසක් සමඟ හරවත්, කාලීන දේශපාලන සංවාදයක් සඳහා පෞද්ගලික රූපවාහිනී නාලීකාවක් යොදා ගත යුතු බවත් ඒ සඳහා දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකා 02ක් ඔහු සමඟ එකඟතාව පළකර ඇති බවත් විමල් දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget