ලාංකික ශ්‍රමිකයින්ගේ රක්ෂණ මුදල් කඩිනමින් ලබාගන්නැයි -කොරියානු නියෝජිතයෙකු දැනුම් දෙයි


කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමය සහ කොරියානු රැකියා ආශ්‍රිත විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් මහජනතාව දැනුවත් කිරීමේ සකච්ඡාවක් අද 30 පැවැත්විණි.
 කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ  අධ්‍යක්ෂ ''ක්වක් හංජෝං'' මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම  මාධ්‍ය සාකච්ඡාව පැවති අතර
කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමවේදය (EPS)සහ මේ වන විටත් දකුණු කොරියාවේ සේවයේ නිරතව සිටින/සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ රක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
වසරකට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 4000ක් පමණ දකුණු කොරියාවේ සේවය සඳහා යොමුවන බවත්,

මේ වන විට නීත්‍යානුකූල ශ්‍රමිකයින් 25000ක් පමණ එහි සේවයේ නිරතවන බවත් ඒ මහතා සඳහන් කළේය.
දකුණු කොරියාවේ සේවය සඳහා යොමුවන රටවල් 16 අතුරින් ශ්‍රමිකයන් ප්‍රමාණය සැළකූ විට ශ්‍රී ලංකාවට 7 වන ස්ථානය හිමිව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම ඒ මහතා ප්‍රධාන වශයෙන්ම සඳහන් කර සිටියේ එරටට සංක්‍රමණය වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට පිරිනැමෙන විශේෂ රක්ෂනාවරණ 4ක් පිළිබඳවයි.
ඒ අතුරින් RETURN COST සහ DEPARTURE යන රක්ෂණාවරන පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් සිදු කෙරුණි.
මෙම රක්ෂණාවරන මුදල් ලබාගැනීම මෙරට ශ්‍රමිකයින් බොහෝමයකට මගහැරෙන බව ඒ මහතා ප්‍රධාන වශයෙන් සඳහන් කර සිටියේය.
මේ වන විට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් 400කට පමණ මෙම රක්ෂණ මුදල ලබාගැනීම මගහැරී ඇතිබව ඒ මහතා අවධාරණය කළේය.
එමෙන්ම ඔවුන්ට තවමත් එම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවත්, විදේශ සේවා නියුක්ති කාර්යංශ වෙබ් අඩවියේ එම ශ්‍රී ලාංකික රක්ෂණ ලාභීන්ගේ නම් ලැයිස්තුව සටහන් කර ඇතිබවත් සඳහන් කෙරිණි.
කඩිනමින් එය පරික්ෂාකොට ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුවත් කොට හිමිකම් සහතික කර එම මුදල් ලබා ගන්නා ලෙසද ඒ මහතා වැඩි දුරටත් සිටියේය.
බොහෝ රක්ෂන ලාභීන්ට මේ පිළිබඳව පෞද්ගලිකව දැනුවත් කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ පැරණි ලිපින,දුරකථන අංක බොහෝමයක් මේ වනවිට වෙනස් වී ඇති නිසා බවද ඔහු සඳහන් කළේය.

-හංස ගීතික ඉදිකැටිය-


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget