බෝම්බ සවිකර ඇති ලොරියක් හා වෑන් රථයක් කොළඹට ඇවිත්.

බෝම්බ සවිකර ඇති ඇළුමීනියම් තහඩු වලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණි ඇති බවට බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන ඇතැයි අද පුවත්පතේ වෙබ් අඩවිය පවසයි.

මේ අනුව කොළඹ නගරයේ ආරක්ෂාව තහවුරු කිරිමට ආරක්ෂක අංශ පියවර ගනිමින් තිබෙන බවත් මේ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය විසින් ශ්‍රී ලංකා වරාය වෙත ඇතුළුවන පිවිසුම් දොරටුවල සේවය කරනු ලබන සියලුම නිලධාරීන් හා වරාය අධිකාරියේ සියලුම ආරක්ෂක නිලධාරීන්ද දැනුවත් කිරිමට කටයුතු කර තිබෙන බවත් එම වාර්තාවේ සඳහන්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment