18 වැනිදා ඉදන් 7.30 සිට 9.15 දක්වා ඕනෑම වේලාවක වැඩට යන්න …රාජ්‍ය සේවය පිණිසයි Ceylon News 24x7 9:35:00 PM News Edit ලබන 18 වැනිදා සිට උදෑසන 7.30 සිට 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමට රජයේ සේවකයන්ට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රජයේ කාර්යාල රැසක් පිහිටා ඇති බත්තරමුල්ල ආශ්‍රිතව පළමුව මෙය පලමුව ක්‍රියාත්මක වන අතර රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතිය යටතේයි. එමෙන්ම ඔවුන් සේවයට පැමිණි වේලාව අනුව නියමිත සේවා පැය ගණන නිමාකොට පස්වරුවේ 3.15 සිට 5.30 දක්වා කාලය තුළ නික්ම යා හැකියි. කෙසේ නමුත් සියලුම සේවකයන් පෙරවරු 9.15 සිට 3.15 දක්වා අනිවාර්යයෙන් සේවයට වාර්තා කළ යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කළේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment