වසරට 65කට පසු ධීවර සංස්ථාව ලාභ ලබයි.


වසර 65ක් පුරා පාඩු ලැබූ ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කළ බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. ධීවර සංස්ථාවේ නව අලෙවි සැළ රාගමදී විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.

“පසුගිය වසර දෙක තුළ සමහරු යෝජනා කළා මේ සංස්ථාව වසා දැමිය යුතු බවට. නමුත් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර නව කළමනාකරණ මණ්ඩලයක් පත් කළා. මෙම සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජගත් පෙරේරා මහතා ස්වේච්ඡාවෙන් සේවය ලබා දෙනවා. ඔහු සේවය සඳහා වැටුපක් හෝ ලබා ගන්නේ නැහැ. ඒ

වගේම පසුගිය කාලය තුළ මෙම ආයතනය නගා සිටුවීම සඳහා අපි විශාල වැඩ කොටසක් කළා.එහි ප්‍රතිඵලයක් විදියට පසුගිය වසර අවසානයේ සිට මේ වන විට ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් විදියට ඉදිරියට ගමන් කරමින් තිබෙනවා.” යැයි ඔහු පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment