අපේක්ෂකයින් තෝරා ගැනීමේදී එජාප නිර්ණායක මොනවාද? Ceylon News 24x7 10:10:00 PM News Edit ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරන නිර්ණායක සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ඉල්ලා පැෆ්රල් සංවිධානය එජාප මහා ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේදී නිර්ණායක අනුගමනය කිරීම. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේදී යම් නිර්ණායක ප්‍රමාණයක් සලකා බැලීමට තීන්දු කොට ඇති බවත් එහි අරමුණ සමාජ විරෝධී පුද්ගලයින් දේශපාලන ක්‍රියාවලියට පිවිසීම වලක්වා වඩා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ආරම්භයක් ගැනීම බවත් 2017.08.06 දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔබතුමා ප්‍රකාශ කොට තිබුනි. එහිදී වැඩි දුරටත් මාධ්‍ය වාර්ථා කොට තිබුනේ අදාල නිර්ණායක ඉදිරි කාලසීමාවේදී මාධ්‍ය හරහා සමාජ ගත කිරීමට කටයුතු කරනු ලබන බවයි. වගකිව යුතු සිවිල් සංවිධානයක් මෙන්ම මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් ලෙසද මෙවැනි ඉදිරිගාමී ප්‍රවේශයක් කරා යොමුවීම පිළිබඳව අපගේ ප්‍රණාමය පලකර සිටිමු. 2015 මාර්තු 12 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් මාර්තු 12 නිර්ණායක වලට එකගතාවය පලකරමින් අත්සන් කරන ලද අතර එකී අනුකූලතාවය ප්‍රායෝගික තලයේ ක්‍රියාකාරීත්වයක් කරා යොමුවීම ශ්‍රී ලංකා දේශපාලන සංස්කෘතියේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් බව අප විශ්වාස කරමු. බොහෝවිට දේශපාලන පක්ෂ මැතිවරණ ජයග්‍රහණය පමණක් ඉලක්ක කර ගනිමින් විවිධ සමාජ විරෝ දූෂිත පුද්ගලයින්ට නාම යෝජනා ලබාදීම සුලබ තත්වයක් බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. ඒ වෙනුවට විධිමත් නිර්ණායකයන්ට අනුකූලව සුදුසු පුද්ගලයින්ට පමණක් නාම යෝජනා ලබා දෙන්නේ නම් අතීතයේ පැවති දේශපාලකයින් සඳහා තිබූ ගරු කටයුතු ස්වභාවය ළගාකර ගැනීම අසීරු ඉලක්කයක් නොවනවා සේම රටක් ලෙස වර්ණවත් අනාගතයකට ප්‍රවේශයක් ගැනීම පහසු කටයුත්තක් වනු ඇත. යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ගනු ලබන මෙකී පියවර පිළිබඳව ප්‍රණාමය පලකර සිටින අතර ඔබ පක්ෂය අනුගමනය කිරීමට අපේක්ෂා කරනු ලබන නිර්ණායක කවරේද යන්න අපවද දැනුවත් කිරීමට කටයුතු කරන්නේ නම් අතිශයින් කෘතඥ වෙමු. මෙයට, විශ්වාසී, රෝහණ හෙට්ටිආරච්චි විධායක අධ්‍යක්ෂක Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment