ලලිත්ටයි, අනූෂටයි වෙච්ච දේ ධම්මික රණතුංගටත් වන ලකුණු.


ධම්මික රණතුංග මහතා වරාය සභාපතිවරයාව සිටි කාලයේදී පොදු ව්‍යාපාර චක්‍රලේඛයේ කොන්දේසි කඩකරමින් රජයට විශාල මුදල් වංචාවක් කර ඇතැයි වරාය හා ඛනිජ තෙල් සංස්ථා සේවකයින් පිරිසක් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබේ.

ඔහු සිදු කර ඇති වංචාව වන්නේ පළමු කාර්යාලයෙන් (ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති) සම්පූර්ණ දීමනාවම ලබන අතර අනෙකුත් ආයතනවලින් අදාළ තනතුරුවලට හිමි සම්පූර්ණ දීමනාවන් ද ලබා ගැනීමය.

ධම්මික රණතුංග මහතා වරාය අධිකාරියේ සභාපතිවරයාව සිටියදී, ජයා කන්ටේනර් ටර්මිනල් ලිමිටඩ් ආයතනය (JCT Limited), ලංකා වරාය කළමනාකරණ උපදේශන සේවා සමාගම (SLPMCS Limited), මාගම්පුර වරාය කළමනාකරණ සමාගම (MPMC Limited) හා නාවික සහ ගුවන් පිළිබඳ පර්යේෂණ ආයතනය (Research Institute of Shipping and Aviation Ltd) යන ආයතන හතරෙන් ද සම්පූර්ණ දීමනා ලබාගෙන ඇති බව පැවසේ.

කෙසේවුවද, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ අත්සනින් යුතුව 2015.06.17 වැනිදා මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අංක PED/03/2015 දරන පොදු ව්‍යාපාර චක්‍ර ලේඛයට අනුව රාජ්‍ය ආයතන සහ ඊට අනුබද්ධිත ආයතන වල සභාපතිවරුන් සහ විධායක මෙන්ම විධායක නොවන අධ්‍යක්ෂකවරුන් සහ නිරීක්ෂකයින් වෙත කරුනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් දැක්වෙන අංක 04 වගන්තියේ සඳහන් වන්නේ අදාළ අයට පළමු කාර්යාලයෙන් සිය මුළු වැටුප ලබාගත හැකි බවත්, දෙවැනි කාර්යාලයෙන් ලබාගත හැකිවන්නේ දීමනාවෙන් 50%ක් බවත් තෙවැන්නෙන් ලබාගත හැකිවන්නේ දීමනාවෙන් 25%ක් පමණක් බවයි.

අදාළ චක්‍රලේකය පහත දැක්වේ.

වසර 2015 ඔක්තෝම්බර් 15 වැනිදා සිට 2017 වර්ෂයේ මැයි මාසය දක්වා දම්මික රණතුංග මහතා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර තිබේ.

ඔහු ආයතන 05ක සභාපති ලෙස සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස සේවය කරමින් 2.4 කොන්දේසිය සහ 2.5 වගන්තිය ද උල්ලංගනය කරමින් සභාපති ධූරයට අමතරව අධ්‍යක්ෂක මණ්ඩලයේ අසුන් ගැනීමට අදාළ දීමනාවන් ද මෙම ආයතන වලින් ලබා ගෙන ඇති බව අදාළ ලිපියේ දක්වා ඇත.

මීට අමතරව ඔහු විසින් චක්‍ර ලේඛනයේ 2.11 කොන්දේසිය ද උල්ලංගනය කර ඇති බවද එහි දැක්වේ.

කෙසේවුවද එම චක්‍ර ලේඛනයේ 2.8 මගින් දැක්වෙන්නේ ඉහත දැක්වෙන දීමනාවන් වලට අදාළව කිසියම් වෙනසක් ඇත්නම් එය රේඛීය අමාත්‍යවරයාගේ නිර්දේශය මත මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය මත ගෙවිය යුතු බවයි.

ඔහු අදාළ විශාල පරිමාණයේ දීමනා සහ වරප්‍රසාද ලබාගෙන ඇත්තේ එවැනි අනුමැතියකින් තොරව බවද එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

රනිල්ටත් කොලේ වහලා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශ සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පත්කිරීමේදී සම්පූර්ණ කර තිබිය යුතු නිර්ණායක යටතේ (අ) ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක හෝ පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලයක උපාධිධාරියකු වීමත් පිළිගත් වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කර තිබීමත්ය, නමුත් මොහුට විශ්වවිද්‍යාල උපාධියක් හෝ අඩුම තරමින් අ.පො.ස. (උසස් පෙළ) සමර්ථය හෝ නොමැති බවද ලිපියේ දැක්වේ.

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

(SLM)




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment