ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 500 සමාජයට

ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 500 සමාජයට
2003 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගත් ඇන්ඩර්සන් මේ දක්වා තරග 128 කට සහභාගි වී තිබේ. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් වරම් හිමිකර ගත් ඇන්ඩර්සන් අද එම ක්‍රීඩාංගනයේදීම 500 වැනි කඩුල්ල දවාගැනීමට සමත් වීම ද විශේෂත්වයකි.
 
ටෙස්ට් තරග ආරම්භ වී මේ වනවිට වසර 140 ක් සම්පූර්ණ වී ඇති අතර එංගලන්ත වෙනුවෙන් කඩුලු 500 ක් දවාගත් පළමු ක්‍රීඩකයා වීමට ද ඇන්ඩර්සන් සමත් වේ. මීට පෙර ක්‍රීඩකයන් පස්දෙනෙකු ටෙස්ට් කඩුලු 500 කට වඩා දවාගෙන ඇති අතර එ් අනුව ඇන්ඩර්සන් එම සමාජයේ හයවැනි ක්‍රීඩකයා වේ.
 
මුත්තයියා මුරලිදරන් කඩුලු 800 ක් ලබාගෙන එහි පළමු ස්ථානයේ සිටින අතර වොර්න්, කුම්බ්ලේ, මැග්‍රාත් සහ වොල්ෂ් ඇන්ඩර්සන්ට වඩා ඉදිරියෙන් සිටී.
 
පසුගිය හත්වැනිදා ආරම්භ වූ කොදෙව්-එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සියලු දෙනා 123 කට දැවීගිය අතර එංගලන්තයට ද ලබාගැනීමට හැකිවූයේ ලකුණු 194 ක් පමණි. මේ වනවිට කොදෙව්වන් දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් දැවී ලකුණු 12 ක් රැස් කරගෙන සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment