රජයේ ඉඩම් වල හිමිකම් ඔප්පු ප‍්‍රදානයට අදාල කොන්දේසි ලිහිල් කිරීමට කටයුතු කරනවා

GAYANATHA_LAND

රජයේ ඉඩමක බොහෝ කාලයක් පදිංචි වී සිටියත්, ඉඩම් භුක්තිය වින්දත් සමහර අවස්ථා වලදී ඉඩමේ හිමිකම පෙන්වීමට ඇති බාධක - කොන්දේසි ලිහිල් කර සින්නක්කර අයිතිය ලබා දෙන අදාල හිමිකම් ඔප්පු ඉක්මණින් ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සදහා ප‍්‍රාදේශීය ලේකම්තුමන්ලා සමගින් සාකච්ඡුා කර රජයේ ඉඩම් වල පදිංචි අය සදහා හිමිකම් ඔප්පු ලබා දීමේ ඉක්මන් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පළකළේ ගාල්ල, නාගොඩ, තලාව, ගම්මැද්දේගොඩ ප‍්‍රදේශයේ පැවති ගැමි හමුවකදීය.

ගාල්ල ඇල්පිටිය නගරය අංග සම්පුර්ණ පුරවරයක් ලෙසට පරිවර්තනය කිරීමේ සැළැස්මක්

වර්ග කි මි 50 ක් තරම්වූ භුමි ප්‍රදේශයක් තුල කිසිදු සංවර්දන සැලැස්මක් නොමෙතිව නගරයක් ලෙසට ක්‍රියාත්මක ඇල්පිටිය නගරය විධිමත් පරිදි සංවර්ධනය කිරීම වෙනුවෙන් නගර සංවර්ධන සැලැස්ම කි‍්‍රයාත්මක කිරීම සහ එහි දී අවදානය යොමු කළ යුතු ක්ෂේත‍්‍ර සම්බන්ධව සාකච්ඡවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අදාල නිළධාරීන් සමග අද දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඒ අනුව ඇල්පිටිය නගර සංවර්ධන වැඩකටයුතු 2018 වර්ෂයේදී ආරම්භ කිරීමටත්, එහි ආරම්භක කටයුතු සදහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ද මෙහිදී තීරණය කරන ලදී. මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍යංෂයේ ලේකම් අයි .එච් .කේ මහානාම මහතා, මිනුම්පති පි.එම.පි උදයකාන්ත මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සහ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් ඇතුළු රාජ්ය නිළධාරින් රැසක් එක්වූහ.

( බන්දුල අලහකෝන් -විසිනි )

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment