රැකියා සුරක්ෂිත කරන්නැයි ඉල්ලා මාගම්පුර වරාය සේවකයන් විරෝධතාවයක

රැකියා සුරක්ෂිත කරන්නැයි ඉල්ලා මාගම්පුර වරාය සේවකයන් විරෝධතාවයක

 

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග මෙන්ම වරාය අධිකාරියේ සභාපතිවරයා සමග ද සාකච්ඡා පැවැත්වුවද තමන්ගේ ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි සේවකයන් පවසන්නේ.

මේ වනවිට වරායේ කටයුතු සඳහා චීන ජාතිකයන් 18 දෙනෙකු පැමිණ ඇති බවත් ඉදිරියේදී තම රැකියා සම්බන්ධයෙන් දැඩි අවදානමක් පවතින බවත් ඔවුහු පෙන්වා දෙති.

චීන සමාගම යටතේ සේවය කිරීම ප්‍රතික්ෂේප කිරීමට මේ වනවිට සේවකයන් තීරණය කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ තමන් සේවයට බඳවා ගත්තේ වරාය අධිකාරිය විසින් බවයි. ලබන 15 වැනිදාට පෙර තම ගැටලු සඳහා ස්ථිර විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමර්ගයකට අවතීර්ණ වන බව ද ඔවුහු පවසති.

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

 

 

 

 

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment