ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම මුජිබර් රහුමාන්ට?


දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වල වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හා ආණ්ඩුවේ අමාත්‍යවරු භාර ගත යුතුව ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. 

"  මම 2016 නොවැම්බර් මස 18 දා කිව්වා තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ පවුල් හතරක 32ක් ISIS සංවිධානයේ පුහුණුව ලබා ඇති බව කිව්වා. ආණ්ඩුවේ අමාත්‍යවරු මාධ්‍ය සාකච්ඡා පවත්වා එය ප්‍රතික්ෂේප කළා. මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා සාප කළා. දැන් මේ ප්‍රහාරයේ වගකීම අමාත්‍යවරුත් මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාත් භාර ගත යුතුයි. "

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment