උද්ඝෝෂණයට වහලට නැග්ග වැලිකඩ කුඩු සිරකාරියන් කෙහෙවලු පටලගෙන 4 ක් රෝහලේ


අද උදෑසන සිට වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග කාන්තා රැදවියන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබූ අතර වරින්වර එයට සම්බන්ධ වෙමින් 30 කට ආසන්න මත්කුඩු වැරදි වලට බන්ධනාගාරගතවූ පිරිස්
මෙම විරෝධතාවයට එක්ව තිබුණි. මේ සම්බන්ධයෙන් අද (13) නිවිතිගල තුත්තිරිපිටිගම පාලම සදහා මුල්ගල තැබීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන්යොමු කළ ප්‍රශ්නවලට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය කියා සිටියේ,
“වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් යන පිළිවෙළට යනවා මිසක් අපිට වෙනසක් කරන්ඩ බැහැ.

ඕන කෙනෙකුට උද්ඝෝෂණය කිරිමේ අයිතිය අද මේ රටේ ඇති කරලා තියෙනවා.උද්ඝෝෂණය කරපුවාම වෙඩි තියන්නේ නැහැ ඉස්සර වගේ.
කවුරුත් අද මේ රටේ පිළි අරගෙන තියෙනවා බන්ධනාගාරය තුළ තවමත් නීති විරෝධී වැඩ කටයුතු කෙරෙනවා කියලා .ඒක මම කොහොම හරි පාලනය කරනවා.“ යනුවෙනි.
මේ අතර සවස වාර්තා වූයේ වහලය  මත නැගී විරෝධතාවයේ නිරතව සිටි කාන්තා රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
විරෝධතාවය අවශ්‍ය නැති බවට හා අවශ්‍ය බවට කාන්තා රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් මෙම සිව්දෙනා තුවාල ලබා තිබුණි.

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරි ධුරය භාරගත් නව අධිකාරිවරයා එම කාන්තා අංශය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගැනීම ඇතුළු එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන්ට විරෝධය දැක්වීමට මෙම විරෝධතාවන් පැනනැගී තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget