ආයුබෝවේවා ගැයූ වෛද්‍ය සහේලි වෛද්‍ය පෙම්වතා සමග අද යුග දිවියට


ආයුබෝවේවා මහරජාණෙනි ගීතය නිසා ප්‍රකටවූ සහේලි ගමගේ අද 14 යුග දිවියට පිවිසෙනවා. මුලින් සයිටම් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරියක වීමට ටික කලක් අධ්‍යාපනය හදාරා පසුව
එය අතහැර ජෝර්ජියාවේ පිහිටි වෛද්‍ය විද්‍යාලයකට බැඳුණු ඇය එහි ඉගෙනුම ලබමින් සිටි ලාංකික වෛද්‍ය සිසුවෙකු වූ උදාර කපුකොටුව සමග පෙම් සබඳතාවයක් අරඹා තිබුණි.
දැන් දෙදෙනාම වෛද්‍යවරුන් බවට පත් සිටී.
ඔවුන් අද විවාහ දිවියට පිවිසීමෙන් පසු වැඩිදුර අධ්‍යයන කටයුතු හා පදිංචිය සඳහා කැනඩාවට යන්නට සූදානමින් සිටී.
ඇය ඒ ගැන කියූ විස්තර මෙසේය.

මෙඩිකල් කොලේජ් එකේදී. තමයි අපිට අපිව හඳුනා ගන්න ලැබෙන්නේ.

 ඇත්තටම අපි ගොඩක් හොඳ යාළුවෝ. 2012දී තමයි අපි මුණ ගැහෙන්නේ. කාලෙකට පස්සේ තමයි එයා ආදරේ ප්‍රකාශ කරන්නේ. යාළුවෙක් විදියට ආශ්‍රය කරද්දී මට තේරුණා එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා. ගොඩක් හොඳ ගතිගුණ එයාට තියෙනවා. මම බලාපොරොත්තු තියාගෙන හිටියේ උදාර වගේ ගතිගුණ තියෙන කෙනෙක්ට. ඉතින් මට එයාව ලැබුණා.
උදාර මගේ යාළුවෙක් නිසා අපේ අම්මලත් එයාව දැනගෙන හිටියා. ඒ නිසා අපේ සම්බන්ධයටත් එයාලගේ අකැමැත්තක් තිබුණේ නැහැ.
උදාර මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. අලුත් දෙයක් කරන්න එයා හැමදාම මාව උනන්දු කරවනවා. ඒ නිසා ඉදිරියටත් පවුල් ජීවිතය, වෘත්තීයමය ජීවිතය වගේම සංගීත ජීවිතයේ වැඩකටයුතු කරන්න එයාගෙන් හොඳ සහයෝගයක් මට ලැබෙයි.
 ගීත ගායනයෙන් මගේ රසික රසිකාවියන්ට හොඳ නිර්මාණ දෙන්න මට කාලය තිබ්බේ නැහැ. ඒක ගැන මට දුකයි. නමුත් මම නිවාඩු කාලයේ ලංකාවට ආවම ගීත ගායනා කළා.
 යුනිවර්සිටි එකේ ඉද්දිත් මම සංගීත කටයුතු කළා.අපි වෙඩින් එකේ එළි දක්වන්න ඩුවට් එකක් කළා. එයා ගායනා කරපු පළමුවැනි ගීතය මේක.

“සසර පෙරදා බැඳුණු විලසේ” කියන ඒ ගීතය වෙඩින් එක දවසෙදි එළිදක්වනවා. අපි දෙන්නා එකතු වෙලා ගීත කරන්න හිතාගෙන ඉන්නවා. ලංකාවෙන් යන්න කලින් මම මගේ තනි ගීතයකුත් කරලා යන්න තමයි හිතාගෙන ඉන්නේ.
මගේ වෘත්තීයමය පැත්ත වෛද්‍ය විද්‍යාව. මගේ විනෝදාංශය තමයි සංගීතය. මගේ බලාපොරොත්තුවක් තියෙනවා වෛද්‍ය විද්‍යාවට සංගීතය එකතු කරගෙන මියුසික් තෙරපි වගේ දෙයක් කරන්න.
විවාහයෙන් පස්සේ අපි ආයෙත් විදේශ ගත වෙනවා. වෘත්තීයමය කටයුතු කරන ගමන් සංගීත කටයුතුවලටත් ආයෙත් යොමු වෙන්න ඕන. මියුසික් තෙරපි ගැනත් හැදෑරීම් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අධ්‍යාපන කටයුතු නිසා අපේ විනෝදාංශ මඟ හැරෙනවා. ඉතින් ඉදිරියේදී අපි දෙන්නම කලාව පැත්තටත් යම් ඉඩක් වෙන් කරන්න හිතාගෙන ඉන්නවා.
ජූලි මාසේ වගේ වෙද්දී අපි දෙන්නම ආයෙත් ලංකාවෙන් යනවා. අම්මලා තාත්තල කැනඩාවෙ නිසා අපි යන්නේ කැනඩාවෙ පදිංචියට.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget