ගොඩ කරපු පෝර්ට් සිටියේ සිට ඇමති චම්පික චීන ටීවී නාලිකාවක් සමග සජීවීව



කොළඹ ගාලුමුවදොර සාගර නගර භූමියේ සිට ඇමති චසම්පික රණවක අද මුල්වරට රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්වුණා.
ඒ චීන මධ්‍යම රූපවාහිනිය සමගයි. ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව ඇමති චම්පික රණවක මහතා එම සාකච්ඡාවේදී කියා සිටියා.

 ලංකාව පමණක් නොව නැගෙනහිර අප‍්‍රිකාව,මධ්‍යම ආසියාව, බටහිර ආසියාව යන සියල්ලන්ටම  ලංකාවේ සාගර නගරය තුළින් නව ආලෝකයක් ලැබීමට නියමිත බවත් ඉදිරියේදී සාගර නගරය අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට ඉදිකෙරෙමින් පවතින සැහැල්ලූ

දුම්රිය පද්ධතියටද සම්බන්ධ කරනු ලබන බවත් ඔහු සඳහන් කළේය.
සාගර නගරයට අවශ්‍ය විදුලිය හා ජල පහසුකම් ද සපයනු ලබන්නේ අප විසින්ම බව විශේෂයෙන් සඳහන් කළ ඇමති චම්පික රණවක  ලක් රජය ඩොලර් බිලියනයකට අධික මුදලක් ආයෝජනයක් ඒ සඳහා සිදුකරනු ලබන බවත් එය ඉතාම ඵලදායී අයොජනයක් බවත්, ඉදිරි වසර 10 තුළ සාගර නගරයේ නව ඉඩම් මගින් ආයෝජිත එම මුදල යළි උපයා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
මෙම සාකච්ඡාවට චීන තානාපති චැං ෂියැං මහතා, චීනයේ සන්නිවේදන සහ ඉදිකිරීම් රාජ්‍ය සමාගමේ උප සභාපති සං සියු මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති ටැං කියෝලියැං මහතා ද එක්ව සිටියහ.












Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget