නිදහසට බාධා කළ නිදහස් චතුරස්‍රයේ ආරක්ෂක සේවය ඉවත්කරයි

ජාතික නිදහස් චතුරස්‍රයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සේවය වහා ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට නියෝග කර තිබේ.

පසුගිය දිනෙක නිදහස් චතුරස්‍රයේ විවේක සුවෙන් සිටි තරුණ යුවළක් එසේ සිටීමට අවසර නොමැති බවට එහි සේවයේ යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

මෙම තරුණ යුවළ විසින් අදාළ ආක්ෂක නිලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා තිබුණේ තමා ඉවත් කිරීමට හේතුවූ වරද කුමක්ද යන්නයි.

එහෙත් තමාට එවැනි පිරිස් ඉවත් කිරීමට බලය පවරා ඇතැයි මෙම ආරක්ෂක නිලධාරීන් විසින් දිගින් දිගටම තරුණ යුවළට බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝ දසුනක් ෆේස්බුක් සමාජ ජාලය තුළ දිගින් දිගටම ව්‍යාප්ත වූ අතර ඊයේ දිනයේ තරුණ පිරිසක් නිදහස් චතුරස්‍රයට පැමිණ එහි ආරක්ෂක සේවයට එරෙහිව නිහඬ විරෝධතාවයකද නිරත විය.

කෙසේ වෙතත් මෙම අවස්ථා‍වට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය,ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිදහස් චතුරස්‍රයේ සිටින තරුණ ජෝඩු ඉවත්කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව එම සිද්ධියට සම්බන්ධ ආරක්ෂක අංශ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

අනතුරුව එදින සවස අග්‍රාමාත්‍යවරයා විසින් මෙම ආරක්ෂක සේවය වහාම නිදහස් චතුරස්‍රයේ සේවයෙන් ඉවත් කර වෙනත් ආරක්ෂක සේවයකට එහි ආරක්ෂාව බාරදෙන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට උපදෙස් ලබාදී තිබේ.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget