
මාර්ගයේ ගමන් කරන රියදුරන් පැවසූවේ යාපනය,නාවට්කුලි පාලමට යොදා ඇති යකඩ තහඩු කිහිපයක පැලීම් හා විවිධ වෙනස් වීම් සිදුව ඇති බවයි.
යාපනය වෙත ගමන් ගන්නා සියලුම බර වාහන හා සැහැල්ලු වාහන පාලම හරහා දිනකට විශාල ප්‍රමාණයක් ගමන් කරන බැවින් පාලමේ තහඩුව කඩා වැටී අනතුරක් සිදුවීම ඉතා ආසන්න බැව්ද රියදුරන් පැවසූහ.
මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව අදාළ පාලම ප්‍රතිසංස්කරණය කිරීමට අවධානය යොමු කොට නොමැති බවත් යකඩ තහඩු යොදා ඇති පාලම් බොහොමයක තහඩු අබලන් තත්වයට පත්ව ඇති බැව්ද මාර්ගය භාවිතා කරන රියදුරන් වැඩිදුරටත් පැවසීය.
අදාල සිදුවීම පිළිබඳ යාපනය මාර්ග සංවර්ධන දෙපාරතමේනතු නිලධාරි කාර්යාලයෙන් විමසූ විට කියා සිටියේ මේ වන තුරු තම කාර්යාලයට එවැනි සිදුවීමක් වාර්ථා වී නොමැති බවටත් අදාල පාලමේ එවැනි අවධානම් තත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳව සෙවීමට පියවර ගන්නා බවටයි.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment