ඇමති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කර වෙනත් ඇමතිවරයෙකු පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.
නොඑසේ නම් සෞඛ්‍ය අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට හෝ පවරාගන්නැයි සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එම මාධ්‍ය හමුවේදී අදහස් පල කල වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කලේ වෛද්‍ය මාරුවීම් සඳහා සිදුකරන ඇඟිලි ගැසීම් වලට එරෙහිව හෙට දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පවත්වන බවයි. කෙසේ වෙතත් ගං වතුර හා නාය යාම් අපදාවට ලක් වූ ප‍්‍රදේශවල මෙම වර්ජනය ක‍්‍රියාක්මක නොවන බවද ඔහු කියා සිටියේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment