පන්නල වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට (වීඩියෝ)

කුරුණෑගල - පන්නල - වැටකෙයාව ප්‍රදේශයේදී ඊයේ (29) සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පන්නල පොලිසිය ප්‍රකාශ කළේ.

මොවුන් බස් නැවතුමක සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අරුණ කුමාර නොහොත් ලොක්කා නමැත්තෙක්. ඔහු වැලි සහ මැටි ඇතුළු විවිධ ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳව පොලිස් ස්ථාන කිහිපයක පැමිණිලි විමර්ශනය කෙරෙමින් පවතින බව ද සඳහන්. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු කිහිපයක් ලැබී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවයි පන්නල පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment