සංස්කෘතිය නැති කිරීමට රාජ්ය නොවන සංවිධාන ක්රියාත්මක වී ඇති බවත් පෙරහැරක ඇලි ඇතුන් තහනම් කිරීමට කටයුතු කිරීමට සූදානම් වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනතාව දෛනිකව මුහුණ දෙන ගැටළු විසදීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව මීරිගම ප්රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් රජය ජනතා ගැටළු අමතකකර පලිගැනීම් සිදු කරමින් සිටින බවත් රජය ජනතාවට සේවය කළ යුතු බවත් හෙතෙම පැවසී ය.
මල්වතු අස්ගිරි පන්සල්වලට වියදම් කළ හැටි ගැන හිටපු ඇමතිවරයෙකු ගෙන්වා ප්රශ්න කළ බවත් එවැනි ප්රශ්න ඇසීමට තරම් රට බංකොලොත් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.
0 comments :
Post a Comment