ලෝව හිස්ම ගුවන් තොටුපළ ලෙස මත්තල ජාත්‍යන්තරයට (PHOTOS)

ලෝව හිස්ම ගුවන් තොටුපළ ලෙස මත්තල ජාත්‍යන්තරයට (PHOTOS)

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳව ලිපියක් ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව (Forbes magazine) විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබේ.

" ලෝකයේ හිස්ම ජාත්‍යන්තර ගුවන්තෙටුපොළ පසුපස කතාව " නමින් ඔවුන් මෙම ලිපියට මාතෘකාව යොදා ඇති අතර wade shepard නම් ලේඛකයා විසින් එය සකසා ඇත.

ඔහු එම ලිපිය ආරම්භයේ දීම සඳහන් කරන්නේ තමා එම ගුවන් තොටුපොළට ඇතුළුවූවාට පසුව තමා හැර වෙනත් කිසිම මගියෙකු එහි නොසිටි බවයි.

නවීන පහසුකම් වලින් සමන්විතව මෙම ගුවන්තොටුපොළ සකස්කර තිබුණත් එක් අවස්ථාවක දී ඔහු ගුවන් මගියෙකුගෙන් මෙම ගුවන් තොටුපොළට පැමිණීමට හේතුව කුමක්දැයි විමසූ විට පවසා ඇත්තේ " මොකද ඒක ඉතාමත් ලස්සන ගෙඩානැගිල්ලක්" යනුවෙනි.

ලෝකයේ ලොකුම ගුවන්යානා හැසිරවීමට උචිත අයුරින් සකස්කර ඇති මෙම ගුවන් තොටුපොළේ විවිධ ශබ්ද ඇසුණත් ගුවන් යානයක ශබ්දයක් තමාට නොඇසුණ බව ඔහු සඳහන් කොට තිබේ.

එමෙන්ම ඔහු තම ලිපිය අවසානයේ සඳහන් කොට තිබුණේ මත්තල ගුවන් තොටුපළ ගුවන් තොටුපළක තිබිය යුතු සියළුම දෑ වලින් සමන්විතව තිබුණ ද සියළු සේවාවන් සපයා දී තිබුණ ද මගීන් හෝ ගුවන් යානා නොතිබීම පුදුමයට කරුණක් බවයි.

එම ලිපිය පහතින්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment