සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක අති පූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ 73වන ජන්ම දිනය අදට (30) යෙදී තිබේ.
ඒ හිමියෝ 1944 මාර්තු මස 30වන දින මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාවේ වලව්වේ දී උපත ලබා 1957 වර්ෂයේ ජුනි මස 10වන දින මල්වතු මහ විහාරීය මංගල උපෝෂිතාගාරයේ දී පැවිදි දිවියට ඇතුලත් වූහ.
2004 වසරේ ජුනි මස 20වන දින මල්වතු පාර්ශවයේ 26වන මහ නායක ස්වාමීන්ද්‍රයන් ලෙස උන්වහන්සේ පත්වූයේ මහා විහාර පාර්ෂවයේ කාරක සංඝ සභාවේ සියලුදෙනා වහන්සේගේ ඒකමතික කැමැත්ත මතය.
ඉන්අනතුරුව උන්වහන්සේ 1964 වසරේ උපසම්පදාව ලැබ ඉන් වසර 5කට පසු මල්වතු පාර්ෂවයේ කර්මාචාර්යධුරයට පත්වූහ.
1968 වසරේ මල්වතු පාර්ෂවයේ කාරක සංඝ සභික ධූරයට පත්වන විට 24වන වියෙහි පසු වූ උන්වහන්සේ 1979 වසරේ මැයි මස10 වන දින එම පාර්ෂවයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පදවියට පත් වී වර්ෂ 1992 දීජ්යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට ද පත්වූහ.
මේ වනවිට මල්වතු මහා විහාර පාර්ෂවයේ මහනායකධූරය හොබවමින් උන්වහන්සේ 60 වසරක පැවිදි දිවිය තුළ යහපත් ශිෂ්‍ය පරපුරක් ද සසුනට දායක කරමින් බුදු දහමේ මෙන්ම යහ ගුණ දහමේ චිරස්ථිතිය උදෙසා සුවිශේෂි යුග මෙහෙවරක නියැලෙයි.
මහනුවර -කමල් සුරවීර
0 comments :
Post a Comment