මහනුවර පිහිටි මුස්ලිම් පාසලක් පිළිබඳව මේවන විට වෙබ් අඩවි තුළින් ඔස්සේ ප්‍රචාරයක් යන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
මහනුවර, මඩවල මදීනා මධ්‍ය මහා විද්‍යාලයේ පසුගිය දා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මහනුවර, දෙහිගම අල් ඉල්මා මුස්ලිම් විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
සිංහල ගුරුවරු පිළිබඳ ගමේ විශාල ගරුත්වක් තිබෙන බවත් මෙවැනි ව්‍යාජ වැඩපිළිවෙල වලින් සංහිඳයාවට ඇතිවන හානිය, අධ්‍යාපන කේෂ්ත්‍රයට කරන නිග්‍රහය හෙළා දැකිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙය මහනුවර දිස්ත්‍රික්යේ සිංහල ජනතාව පමණක් නොව මේ රටේ මුස්ලිම් ජනතාව පිළිබඳව දිවයිනේ විශාල ලෙස වැරදි අවබෝධයක් ඇතිවන ත්ත්වයකට පත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස රහස් පොලීසියට ඉල්ලීමක් සිදු කරන බවත් ඊට අගමුල සොය තිතක් තිබිය යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.
විදුහල්පතිනියට එරෙහිව පිරිසක් සිදුකළ විරෝධතාවක් සමඟ මදීනා මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු - දෙගුරු හමුවකදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ තිබිණි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම සඳහා සිදුකරන වැඩසටහනක් පිළිබදව සාකච්ඡාවක් පසුගිය දා මදීනා විද්‍යාලයේදී පැවැත්විණි. ඊට සහභාගි වූ පිරිසක් එම සාකච්ඡාව සඳහා පැමිණි ගුරුවරුන් පිරිසකට විරෝධය පළ කර තිබූ අතර එහිදී ඔවුන් එම ගුරුවරුන්ට බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර තිබිණි.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
මේ අතර, මදීනා පාසල් අභිවෘද්ධි සංගමය විසින් සහකාර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත ලිපියක් යවමින් පාසලේ ගැටළු කිහිපයක් පිළිබදව අවදානය යොමු කර තිබේ.
එම ලිපියෙන් ඔවුන් පෙන්වා දෙන්නේ පාසලේ ගුරු මණ්ඩලයේ ප්‍රදේශයේ මුස්ලිම් ගුරු අනුපාතය පහළ යාම සහ සමස්තයක් ලෙස ඉස්ලාම් ගුරු අනුපාතය පහළ යාම ගැටළුවක් බවයි.
පවතින තත්ත්වය හමුවේ පාසල තුළ ඉස්ලාම් අනන්‍යතාව බිඳ වැටීම සිදුවන බවත් ඊට විසදුමක් ලෙස පාසලේ ගුරු මණ්ඩලයට ප්‍රදේශයේ ගුරුවර ගුරුවරියන් ඇතුළත් කර අන්‍ය ජාතික සහ ආගමික ගුරුවරුන් ඉන් මුදා හරින ලෙසටත් ඉන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, පාසල් අභිවෘද්ධි සංගමය, සහකාර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත යැවූ ලිපියට කිසිවෙකු අත්සන් නොකර තිබීම විශේෂත්වයකි.
එම වීඩියෝව පහතින් නරඹන්න
0 comments :
Post a Comment