ගල්කිරියාගම දඹුළුහල්මිල්ලවැව ගිරානේගම ප්රදේශයේ නිවසක් තුළ තිබී පාසැල් සිසුවෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (29) සොයාගෙන තිබේ.
එම නිවසේ ජනේලයක එල්ලෙමින් තිබිය දී අදාළ සිරුර හමු වූ බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වන අවස්ථාවේ අදාළ නිවසේ කිසිවෙකුත් සිට නැති බවත් මෙම සිසුවා 13 හැවිරිදි පාසල් සිසුවෙකු බවත් පොලිස් විමර්ශණවලදී හෙළි වී ඇත.
මෙය සිය දිවි නසා ගැනීමක් ද මිනී මැරුමක් ද යන්න සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශණ අාරම්භ කර තිබේ.
0 comments :
Post a Comment