පවතින අවධානම් තත්ත්වයන් හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 08ක් යළි විවෘත කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය භානු මුනිප්රිය මහතා සඳහන් කරයි.
ඒ මහතා කියාසිටින්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශවලට අනුව එම පාසල් අලුතින් ඉදිකිරීමට සිදුව ඇති බවයි.
කෙසේවෙතත් එම පාසල්වල දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගෙනයාම සඳහා ඒ ආසන්නයේම පිහිටි වෙනත් පාසල්වල, විහාරස්ථානවල සහ ප්‍රජා ශාලාවල අවශ්‍ය පහසුකම් සැපයීමට මේ වන විට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්වී සිටින ජනතාව සඳහා තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන ලෙස භාවිත කළ සියලුම පාසල් ලබන සතියේ සිට යළි විවෘත කිරීමට කටයුතු කරන බවයි.
0 comments :
Post a Comment