වර්තමාන ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස වැට් බදු ඉහළ දමා ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව අද (30) සිට ජනතාව හා එක්ව ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටී.
ඒ අනුව අද (30) සවස වැට් බදු ඉහළ යාම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අත්පත්‍රිකා බෙදාහැර ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව පක්ෂ මාධ්‍ය අංශය සඳහන් කරයි.
මීට අමතරව ජුනි මස 03 වැනි දින විරෝධතා පෙළපාළියක් පවත්වා කොළඹ - කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත් එම පක්ෂය තීරණය කොට ඇති බව වාර්තා වේ.
0 comments :
Post a Comment