උත්සව අවස්ථාවක් අතරතුර නොසිතූ විරූ ලෙස චොකලට් කේක් ප්‍රහාරයකට මුහුණ දීමට දේශපාලනඥවරියකට පෙරේදා (28) සිදු විය.
සාරා වැගන්ක්නේක්ට් නම් ඇය ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂයක උප නායිකාව ලෙස කටයුතු කරන්නියක්. හදිසියේම ඇය අසලට පැමිණි පුද්ගලයෙකු ඇගේ මුහුණට චොකලට් කේක් ගෙඩියකින් දමාගසා පළා යන අයුරු එම උත්සවය ආවරණය කිරීමට එහි ගොස් සිටි මාධ්‍යවේදීන් තම කැමරාවල සටහන් කරගෙන තිබුණි.
චොකලට් අයිසින්වලින් මුළු මුහුණම ආවරණය වූ සාරාව වට කරගත් ඇගේ පක්ෂ ක්‍රියාකාරීන් මාධ්‍යට පවසා සිටියේ ඇයව රූපගත නොකරන ලෙසයි. පසුව කැමරාවන්ට හසු නොවන සේ ඇයව ආවරණය කරගෙන එම භූමියෙන් පිටතට ගෙන යාමට ඔවුහු කටයුතු කළහ.
ඇගේ පක්ෂයේ දේශපාලනික මතවලට විරෝධය පළ කිරීමක් ලෙස විරුද්ධ මතධාරීන් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බව පැවසේ.
වීඩියෝව පහතින්...
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment