ගංවතුර බැසයයි - කුණු ප්‍රශ්නයෙන් ජනතාව ආයෙත් පීඩාවට (VIDEO) 

ගංවතුර බැසයයි - කුණු ප්‍රශ්නයෙන් ජනතාව ආයෙත් පීඩාවට (VIDEO) 

ජල ගැලීම් හා වර්ෂාව හේතුවෙන් ආපදාවන්ට ලක් වූ කොටිකාවත්ත, මුල්ලේරියාව, කොළොන්නාව, වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවල කැළි කසළ එක්රැස් වීම හේතුවෙන් එම ජනතාවගේ ජීවිත නැවතත් අඩාල වී තිබේ.

මේ නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින අතර එම කසල ගෙන යාමට පළාත් පාලන ආයතන හෝ කිසිදු බලධාරියෙකු කටයුතු කර නැතැයිද ජනතාව චෝදනා කරති.

මෙම ගැටලුව නිසා සිය දරුවන්ට පාසල් යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් මෙම කැලි කසල ගොඩගැසීම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් පැතිරී ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට සෞඛ්‍ය ගැටලු පවා ඇති විය හැකි බවත් එම ජනතාව සඳහන් කරති. 

ජල ගැලීම් හා වර්ෂාව හේතුවෙන් ආපදාවන්ට ලක් වූ ජනතාව මේවනවිට සිය නිවාස පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන අතර එහිදී එක්රැස් වන අපද්‍රව්‍ය මාර්ගය අසලට ගෙනවිත් දමන ලෙස දැනුම් දී ඇත.

කෙසේ වෙතත් එම දැනුම් දීම අනුව ජනතාව මාර්ගය අසලට අපද්‍රව්‍ය බැහැර කළද බලධාරීන් එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

මේවන විට දින 07ක පමණ සිට කොටිකාවත්ත, මුල්ලේරියාව, කොළොන්නාව, වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවල කැළි කසළ එක්රැස්වී තිබේ. කැළි කසළවල එක්රැස්වී ඇති අපද්‍රව්‍ය වර්ෂාව සමඟ නිවෙස් වෙත ගලා ඒම හේතුවෙන් එම ජනතාව යළිත් පීඩාවට පත්ව ඇති අතර එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් කසල ඉවත් කර පිරිසිදු කර දෙන ලෙසයි.

එසේ නොවුනහොත් රෝග පැතිරීයාම නිසා තත්ත්වය බරපතල විය හැකි බව එම ජනතාව පෙන්වා දෙති.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (29) සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 72,825කට අයත් පුද්ගලයන් 294,187ක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බවයි.

පීඩාවට පත්ව සිටින ප්‍රමාණයෙන් පවුල් 4369කට අයත් පුද්ගලයන් 14,181ක් ආරක්ෂිත කඳවුරු 169ක් තුළ රඳවා සිටින බව එම මධ්‍යස්ථානය පවසයි. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment