වෙනස භුක්ති විදින හැටි මහින්ද කියයි

වෙනස භුක්ති විදින හැටි මහින්ද කියයි

මහා ලොකු වෙනසක් කිරීමට ජනතාව ඡන්දය ලබා දුන් බවත් පොළකට, කඩයට ගිහින් බඩු මිල ගැන ඇසුවිට හොඳට වෙනස පෙනී යන බවත් දැන් ඒ වෙනස ජනතාව හොදට භුක්ති විදින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (04) බද්දේගම දි පැවති දිවංගත හිටපු ඇමතිවරයකු වු අමරසිරි දොඩංගොඩ මහතාගේ හත්වන ගුණසැමරුම් උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. 

බද්දේගම කුම්මේ ක්‍රිඩාංගනයේ දි පැවති මෙම සැමරුම් උත්සවයේ දි තවදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙසේද කිවේය.

“අපේ රජය කාලයේ  හැම පාරක්ම කොන්ක්‍රිට් කළා කාපට් කළා. ගමේ මනුස්සයාට අතට මුදල් ලැබුනා. මේවා එකක්වත් අද නැහැ. රාජපක්ෂ බද්ධ කියලා මේවායින් බේරෙන්න බැහැ. හැමදාම රාජපක්ෂලාට බැන බැන ඉදලා මේ ප්‍රශ්න විසදන්න බැහැ. බනින එක බනින්න. නමුත් මිනිසුන්ට මෙහෙම වද දෙන්න එපා. මෙහෙම කරදර කරන්න එපා. මෙහෙම වේදනාව දෙන්න එපා. මේවාට මේ ආණ්ඩුව බලයට පත්කරන්න සහයෝගය දිපු හැම පක්ෂයක්ම වගකියන්න ඕන. මේවා ගැන හිතන්න වෙලා තියෙනවා. 

එක පැත්තකින් බඩුමිල  ඉහල යනවා මේනිසා හැමෝටම වැදිලා තියෙනවා. පොළකට, කඩයට ගිහින් බඩු මිල ගැන ඇසුවිට හොදට වෙනස පේනවා. දැන් බලන්න වැට් බද්ධ ගැන. එදා නළුවන් නිළියන් ඇවිත් කීවා දැන් වැස්සට තෙමෙන්නේ නැතිව කාර් එකක යන්න පුළුවන් ත්‍රි රෝද රථයෙන් යන්න පුළුවන් කියලා. පුළුවන්ද දැන් ත්‍රිවිලර් එකක් ගන්න. අපි හිතන්  හිටියේ ත්‍රිවිලර් නිකන් දේවි කියලා. රජයේ කේෂ්ත්‍ර නිලධාරින්ට මම යතුරුපැදි රුපියල් 50,000ට දුන්විට යතුරුපැදිය අරන් ඒ පනස්දහස  නැවත ගන්න මේ ආණ්ඩුවට ඔවුන් ඡන්දය දුන්නා. මොනතරම්  වෙනසක්ද දැන් තියෙන්නේ. දැන් ජොන් කියනවා. හැම කෙනාම කාර්  ගන්න ඕන නැහැ. ඕන එකයි  එපා එකයි හැමකෙනාම වාහන ගන්නවා නේ.කියලා. අනිත් කෙනා කියනවා මේ තදබදය වැඩියි නේ කියලා. ඒ නිසා තමයි අයවැය මගින් වාහන මිල හා  වාහන බද්ධ වැඩි කළේ කියලා.“ යැයි හිටපු ජනපතිවරයා පෙන්වා දුන්නේය.

“අපි පාරවල් විතරක් නෙවෙයි පාසල්වල විද්‍යාගාර දහසක් ඉදි කළා. සමහරතැන්වල මහින්දෝදය නම කපලා. ඒවායේ පරිඝණක උපකරණ නැහැ. භාෂාගාරයක් තිබුනා. විද්‍යා හා ගණිතාගාර තිබුනා අද එවා නැහැ. ඒ මුදල් වෙන ඒවාට යොදවනවා. දැන් දැන්විම් දානවා. මිලියන 8000ක ණය බරක් තියෙනවා කියලා. නමුත් මේ ආණ්ඩුව මේ මාස 18ට  මිලියන 7000ක් ණය අරගෙන තියෙනවා. එක කියන්නේ නැහැ. දැන් ණය බර ගැන කියනවා. මේවා ජනතාවට කියන්න එපා.  ඒ අයට ගණිතය බැරිවුනාට අපේ මිනිසුන්ට දරුවන්ට හොදට ගණිතය පුළුවන්. බොරු කියනවිටත්  අවලාද කියනවිටත් හරියට ඉතිහාසය මතක් කරගන්න. මේවා ගැන හිතන්න කාලය ඇවිත් තියෙනවා. අද රටේ ආරක්ෂාව මොකක්ද.  ත්‍රිවිධ හමුදාවට. එස්.ටී.එප් එකට පොලිසියට අද තියෙන තත්වය මොකක්ද? මේ අයට දේශපාලනඥයින් කථා කරන හැටි, ගහන්න යන හැටි දැක්ක විට අපටම දුක හිතෙනවා.“ යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

ගාල්ල - ලලිත් චාමින්ද

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment