හිටපු කොටි නායකයා සිහිකොට යාපනය සරසවිය ඇතුලු ස්ථාන 2ක සැමරුම් (PHOTOS)

හිටපු කොටි නායකයා සිහිකොට යාපනය සරසවිය ඇතුලු ස්ථාන 2ක සැමරුම් (PHOTOS)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් ඊයේ (26) යාපනය සරසවිය තුළ සහ නල්ලූර් කෝවිල ආසන්නයේ සැමරුම් උත්සව 02ක් පැවැත්විණි.

සිංහල ජනතාව උතුරේ පදිංචිවීමට විරුද්ධව හා ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡා කළයුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලූර් කොවිල ඉදිරිපිට මාරාන්තික උපාවසයක් පවත්වමින් සිටියදී මීට වසර 29කට පෙර ඔහු ජීවිතක්ෂයට පත්විය.

ඒ අනුව ඔහුගේ 29 වැනි ගුණ සමරුව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් හා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ නල්ලූර් කෝවිල ඉදිරිපිටදී සැමරනු ලැබීය.

දිලීපන් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිටි අවස්ථාවන එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව කටයුතු කර තිබූ හෙයින් යාපනය වෛද්‍ය පීඨ සිසුන් ඇතුළු පිරිසක් විසින් විශ්වවිද්‍යාල භූමියෙහි ඔහුගේ පින්තූරයක් තබා ඉටිපහන් දල්වා මල්මාලා පලඳවමින් සැමරුම් උත්සවයක් පැවැත්වීය.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment