හදිසි නිවේදන කිහිපයක් මෙන්න.


පාර්සල් 

දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකරන පාර්සල්, තැපල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සියලු තැපැල් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබේ.

වාහන
   
නගර සීමාවන් තුළ වාහන ගාල් කර වෙනත් කාර්යයන් සඳහා පිටව යන්නේ නම් අදාළ වාහනයේ රියදුරු/අයිතිකරුගේ නම හා දුරකතන අංකය පැහැදිලිව පෙනන ලෙස සටහන් කර පිටව යන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

රජයේ පාසල් 
   
හෙට දිනයේ ආරම්භ විමට නියමිතව තිබු රජයේ පාසල් ලබන 29 වන දා කල් තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රටේ පවතින හදිසි කලබල තත්ත්වයන්  මත මෙසේ කල් තැබිමට පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන සදුදා දින නැවත පාසල් විවෘත වේ.

මියගිය අයගේ තොරතුරු
   
පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර විශාල සංඛ්‍යාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හදුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ,අංක 111 දරන ස්ථානයේ පිහිටි ,අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත පැමිණ අදාළ මෘත ශරීර හදුනා ගත හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් අනන්‍යතාවය හදුනා නොගත් දේශීය හා විදේශීය පුද්ගලයින්ගේ මළ සිරුරු විශාල සංඛ්‍යාවක් පවතින බැවින් මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට පැමිණ අදාළ පුද්ගලයින්ගේ මෘත ශරීර හදුනා ගැනීමට හැකි බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment